




වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ අද (23) කටයුතු කළහ.
ප්‍රදේශයේ සියලු ආගම්වලට අයත් පුජකවරුන්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරියට අනියුක්ත නිලධාරින්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුව සහ ශ්‍රී ලංකා පොලිසියට අනියුක්ත නිලධාරින් මෙන්ම මහජනතාව ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.
‘සුරකිමු ශ්‍රී ලංකා’ තරුණ සංගමය විසින් සංවිධානය කර තිබු මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගී සිටියහ.
එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියලුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
(36698)
( ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්, හැම ප්‍රදේශයකම දියත් කරන්න
ඔබලාගේ සත් ක්‍රියාව අප හදවතින අගය කරන්නෙමු. සහභාගිවු සියල්ලෝටම පිං.
වැඩේට අපි කැමතියි. මේ පින්තුර වල බුද්දාගමේ ස්වාමින් වහන්සේලායි, ඉස්ලාම් පුජකයෝ වගේ අයත් ඉන්නවා. මට කමෙන්ට් එකක් දාන්න හිතුනේ. අපේ හමුදාවල කැම්ප් එකකට ගියා පිළිවෙලකට ලස්සනට තියෙනවා. එත් ලංකාව බුද්දාගමේ රටක් කියන අය ඉන්න රටේ.. පන්සලක පිංකමක් ඉවර වුනාම පැත්ත පළාතේ යන්න බැරි තරම් අපිරිසිදුයි. එවැනි ආදර්ශ හොඳයි කියලා මම හිතන්නේ නැහැ. මනස පිරිසිදු කරන්න උගන්වනවා මෙන්ම ජිවත් වෙන පරිසරයද පිරිසිදුව තියාගන්න උගන්වන මෙන් පුජකඋතුමන්ලගෙන් ඉල්ලා සිටිමි.
අපිරිසිදු නොකිරීමට ඉගැන්වීම වඩාත් පලදායී වනුඇත, දෙමාපියන් හා ගුරුවරුන් පෙරමුණ ගත යුතුව ඇත.
මෙය ඉතාම හොඳ ක්‍රියාවකි ඔබට තුති පුදමි. එහෙත් පළමුව විය යුත්තේ කසල දමන්නන්ට දඩුවම් පැමිණවීම සහ කසල බැහැර කිරීමට නිසි භාජන තැන්පත් කිරීමයී. නැතහොත් මේ ක්‍රියාවලිය තව මස 3කින් නැවත කරන්නට සිදු වෙයී
අනුමත නොකරමි. විය යුත්තේ දැඩි නීති සහ දඩමුදල් පනවා මහජනතාව හරිමගට ගැනීමයි.
අපේ අමන මිනිස්සු තමන්ගේ කුණු ටික කොහෙට හරි දාන එකයි ඇතේ තියන ඕනේ දෙයක් ඕනේ තැනක දාන එකයි නවත්තන්ඩ පුළුවන් දඩ ගැසීමෙන් පමනයි.