
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහය දැක්වූ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද (22) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.
මෙලෙස නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක දිලිප් පිටිගල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකි.
එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි ඔවුහු මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.
මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වලල්ලාවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක දිලිප් පිටිගල මහතා පැවසූයේ "පාං"කියා ගන්නටවත් බැරි තරම් අසරණව සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික පීඩනය වෙනුවෙන් සැබෑ සටනක් කිරීමේ ප්‍රවේශය සඳහා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බවයි.
මෙම අවස්ථාවට එජාප පළාත් පාලන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදෑ, මීළඟ මැතිවරණයේදී මම හිතන විදියට ජනතාවට ආණ්ඩුවත් නෑ, එජාපයත් නෑ, සමගි ජන බලවේගයත් නෑ...
ඇයි සමගි ජනබල කට්ටිය දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැද්ද? මේ වෙලාවේ රනිල්ට වඩා දෙයක් සජිත්ලාගෙන් දුප්පත් අයට කෙරෙන බවයි... අපිට පෙනෙන්නේ. මේ මාරුව දාන්නේ තමන්ගේ මන්ත්‍රී තනතුරු සහ එයින් ලැබෙන වරප්‍රසාද ආරක්ෂා කිරීමට නේද? නිකන් බොරුවට දුප්පත්කම ගැන කියනවා. මේ අවුරුද්දක් තිස්සේ සජිත් කණ්ඩායම මුකුත් නොකළා වගේ පෙන්නන්න හදන්නේ නම් බොරුවක්... මම සජිත්ලාට සපොට් නෑ. නමුත් ඔය පළාත්වල සජිත්ට සපෝට් කරන අපේ නෑයෙක් ඉන්නවා. අපෙනුත් ඉල්ලන් දුප්පත් අයට උදව් කරනවා පහුගිය මාස 18ක් තිස්සේ... ඇත්තටම පාලිත තමයි අතුරුදහන්. ඒ අනුව බැලුවාම මේ මන්ත්‍රී කණ්ඩායම අමු හොරු රැලක්.. තමන්ගේ බඩ ගෙඩිය රැකගන්න පක්ෂ මාරු කරන්නේ... හැබැයි අර පොහොට්ටුව කරා වගේ බැසිල්ට එන්න කියලා ජයන්ත කැටගොඩ ගියා වගේ ඡන්දෙ කිට්ටු වෙනකොට ආයිමත් සජිත්ට මාරුවෙලා ඡන්දෙ ඉල්ලන්න නම් එපා...
මේ වගේ ආරංචි වලින් වඩාත්ම සතුටට පත්වෙන්නේ පොහොට්ටුවේ කට්ටිය විතරයි. දර මිටි වුණත් එකට ගැට ගහලා තියෙනකොට කඩන්න අමාරුයිනේ. ඒකයි...
කෝ මාස්ක්? ඊළඟට සිරිකොත පොකුර කියාවි...