(ලක්මි කුඩලිගම සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැනන ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් තිදෙනකු කැපුම් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
මේ වන විට ගැටුම පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කීපදෙනකු අත්අඩංගුට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි.
පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන, මීගහතැන්න ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් 34,27,32 යන වයස්වල පසුවන්නෝ වෙති.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ
Premathilaka peramuna Sunday, 15 December 2024 08:06 PM
මීගහතැන්න පදිංචි අයෙක් නෑ මේ සිද්ධියට අදාලව .. පහර කෑ තිදෙනා වැලිපැන්න, ඉත්තෑපාන, දෙනියාය...!