(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දී ගෝනෙකු වෙඩි තැබු දඩයක්කරුවන් දෙදෙනෙකු වනාතවිල්ලුව බිට්ටු වනජීවි කාර්යාලයෙ නිළධාරීන් අද (14 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 32 හා 34 වයස් සිමා වල සැකකරුන් දෙදෙනෙකී.
අදාල සැකකරුවන් දෙදෙනා විල්පත්තුව ජාතික වන උද්‍යානයට කලපුව දිගේ ධීවර යාත්‍රාවක නැගි ගගේවාඩිය දෙසින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුල් වී ඉන්පසු වන උද්‍යානය තුළදි ගෝනාට වෙඩි තබා මරා ඇති බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් බවත් මොවුන් දිර්ඝ කාලයක සිට විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ සැරිසරන වන සතුන් දඩයම් වල නිරත වී ඇති බව කියයි.
වනාතවිල්ලුව බීට්ටු වනජීවි නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම කර ඇති බවත් වනජීවි නිළධාරීන් වැටලීම් සිදුකරන විටදී වෙඩි තබා මරා සිටි ගෝනා ධීවර යාත්‍රා මගීන් ගොඩබිමට රැගෙන විත් මස් කරමින් සිටි බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd