(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

දීර්ඝ කාලීනව සිර දඩුවම් විදින සිරකරුවන් පිරිසක් පොදු සමාවක් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලයක් මත මාසයකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක විරෝධාතායව අවසන් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාරය උපක්‍රමික බලකාය  කිසිදු හානියක් සිදු නොකර උපක්‍රම ශිලිව මෙම පිරිස වහලෙන් බැස්ස වු බවද හෙතෙම කියා සිටියේය.

මරණීය දණ්ඩයය, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හා දීර්ඝ කාලීන සිරදඩුවම් විදින සිරුකරුවන් පිරිසට ඔවුනට පොදු සමාවක් ලබා දෙන ලෙසට ඉල්ලා 54 දෙනෙක් ඉකුත් සැත්තැම්බර් මස 20 දින සිට එහි වහළය මත නැග විරෝධායේ නිරත වුහ.