(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ වැටලීමක දී එහි ඉසෙඩ් අංශයේ සඟවා තිබී ජංගම දුරකථන පහක්, බැටරි 12 ක්, සිම්පත් 5 ක් බන්ධනාගාර බුද්ධි අංශ කාන්තා නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අංශයේ මත්කුඩු සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම හදිසි වැටලීම කර ඇතැයි ද බුද්ධි අංශ නිලධාරීනියක පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හරිම අපූරු වැඩක්නේ... මේ ෆෝන් සිම්, බැටරි ආදිය කකුල් මැවිලා බන්ධනාගාරය ඇතුළට යනවද...? නොඑසේනම්, මේවා කෙසේ මෙතරම් මුරකාවල් තිබියදීත් ඇතුළට යනවාද? මුළුමහත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරුතුමන්ලා ඇතුළු සියලු නීති අංශද, අධිකරණ අමාත්‍යාංශයද ඇතුළු සියලු අංශ මැදිහත්ව මේ බන්ධනාගාර සම්පූර්ණයෙන්ම නැවත පිරිසිඳු කළ යුතුයි. දූෂිත නිලධාරීන් පන්නා සිරගෙදරට පැමිණෙන්නන්, සියලු නිලධාරීන් ඇතුළු සැම දැඩි සෝදිසිවලට ලක්විය යුතුයි. අධිකරණයකින් වරදකරු වන්නෙකුට සිර ගෙදර තුළදී විනිසුරු අණට උඩින් මේ සිදුවෙන දේවල් වහාම නතර කිරීමට දැඩි පියවර ගත යුතුයි. නොඑසේ නම් බන්ධනාගාරයක් කුමකටද..? අධිකරණයක් කුමකටද..?