(යොහාන් භාසුර)
වැලි ජාවාරමට තිත තැබීම සඳහා සමූපකාර සමිති ඇතිකර අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට වැලි කැනීමේ බලපත්‍ර නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රටේ වර්තමාන වැලි අවශ්‍යතාව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සහ නැගෙනහිර පළාතෙන් සපයාගැනීම නිසා විශාල පාරිසරික ගැටළු මතුවී ඇති බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැලි කැනීම් බලපත්‍ර 300 ක් නිකුත් කිරීමට අනුමැතිය තිබියදී පසුගිය වසරේ පමණක් බලපත්‍ර 1300ක් නිකුත් කර ඇති බව ද පරිසර අමාත්‍යවරයා හෙළි කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සමග ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පැවති විශේෂ හමුවකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමූපෙත් අනිත් සමූප වගෙ වෙයිද
මේ යන්නේ 70-77 යුගයට..
අනේ මෙයාලා කරපු එක හොඳ වැඩ පිළිවෙලක් පෙන්නන්න බලන්න ?