(නිමල කොඩිතුවක්කු)
වැල් පාලමෙන් එගොඩ වුණ රාජපක්ෂ කුමාරවරු තරුණ පරපුර මර්දනය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් සමගි ජන බලවේග රජයක් යටතේ එකී මන්දිර රට ගොඩනගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන 2ක් බවට පත් කරන බවද විපක්ෂ නායකවරයා කීවේය.
රාජපක්ෂ කුමාරවරුන්ගේ කීමට අරගලයේ නිරත තරුණ පරපුර මර්දනයට රාජ්‍ය හිංසනය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරිගණක විප්ලවයක් ඉංග්‍රීසි සාක්ෂරතාව, නව තාක්ෂණය ඉහළින් අවබෝධ කරවීම හරහා රටේ තරුණ පරපුර දැනුමින් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සිදු කළ යුතු බවත් ගම්පොල ආසන බල මණ්ඩල ගස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.
ආරක්ෂක අංශ භාවිත කර තරුණයන් මර්දනය කිරීම රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට මිත්‍රත්වයේ දෑත දිගු කර තරුණ පරපුර සවිබල ගැන්වීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විවිධ ඇස්බැන්දුම් ක්‍රියා සිදු නොකර ඔලුගොඩි මාරු නොකර සංගීත පුටු තරග නොතියා රටේ ජනතාව ඉල්ලා සිටින නව රජයක් බිහි කිරිමට අවශ්‍ය මැතිවරණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු තවදුරටත් කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයි වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ.
වැලේ වැල් නැතිව ඉන්න පුතාණෝ.
ඔයා දැන් ඔහොම කිව්වට ආපුවාම කොල්ලෝ ටික ටයර් දාලා පුච්චයි. පියාණන්ගේ අඩිපාරේ යනව කියලා නේද කිව්වේ?
මේ ලියන්නේ රාජපකෂවරුන් වෙනුවෙන් නෙවෙයි. වීදුරු ගෙයක් ඇතුලේ ඉඳලා ගල් ගහන කෙනෙක් දැකපු නිසා. ඒ කුමාරයන්ගේ තාත්තා නම් රටේ අනික් මවු පියන්ගේ කුමාරයන්ව කටුකම්බි ගහලා ටයර් මාලාවක් දාලා එලොව ඇරලා මර්ධනය කරේ නෑ. මේ කියන කුමාරයාගේ පියානෝ නම් ඒ දෙය කරා. ඒ නිසා ඔය කුමාරයාත් කවදා හරි එහෙම නොකරවයි කියලා අපි කොහොමද කියන්නේ. අනික ඔයත් ඔය කියන වැල් පාලමකින්ම තමයි මෙගොඩ ආවේ. නැතුව තනියෙන් තමන්ගේ මහන්සියෙන් නෙවෙයිනේ. වැල් පාලම් පවුල් ගස් කියන දේවල් ඔය කියන අයටත් අදාලයි. ඒ නිසා වීදුරු ගෙවල් ඇතුලේ ඉඳගෙන ගල් ගහන්න එපා.
එල්ලෙන්න වැල් නැතුව ඉන්න අයට කේන්ති ගිහිල්ලාවගෙයි
මොකද තරුණ නැගිටීම් කවුරු උසි ගැන්නුවත් නැතත් බහුලව සිද්දවෙනවා , මේ රට මිනීමරු දේශපාලකයෝ සහ හොරකම් කරන දේශපලාකයෝ හැර රට ගැන හිතන නායකයෝ මෙතෙක් බිහිවී නැහැ
දැන් ඒ ගොල්ලන්ට වැල් පාලමත් නැති වෙලා තියෙන්නේ.
කඩේ යන සෙට් එක බඹරු ඇවිස්සුනා වගේ ඇවිස්සිලා.ඒ රැලට වෙච්ච ආර්ථික හා සමාජීය විනාශය මදියි වගේ