







(කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා වැලි පිරවීමට පෙර සහ වැලි පිරවීමෙන් පසු දිස්වන අයුරු)
(ඩයනා උදයංගනී)
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් වරාය නගර භූමියේදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්විණි.
මෙහි හෙක්ටාර 269 ක් වන භූමියෙහි වැලි පිරවීමේ කටයුතුවල නිරත වූ අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් නෞකාව වරාය නගර භූමියෙන් සමුගෙන යළි චීනය බලා ගමන් ඇරඹීම ද සිදුවූ අතර නෞකාව එහි නලාව කිහිප වරක් නාද කර වරාය නගරයට ආචාර කරමින් ඉන් සමුගත්තේය.
බැලු බැලූ අත වැලි කඳු පමණක් දිස්වන වරාය නගර භූමියේ ගොඩනැගිලි ඉදිකිරීම, උද්‍යාන ඉදිකිරීම, යටිතල පහසුකම් සැපයීම ආදී කටයුතු ඉදිරියේදී සිදුකෙරෙනු ඇත.
ශ්‍රී ලංකාව ඉදිකෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන වරාය නගරය මෙරට ආර්ථික සංවර්ධනයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසීය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා මේක අවසන් කරන්න තිබුණේ වසර 2කට පෙර වගේ අපිට මතක.. මේ ව්‍යාපෘතිය නැවත දමන බවට අගමැතිතුමා පැහැදිලිව මාධ්‍යයට එදා කිව්වා නේද? ව්‍යාපෘති කෙරුවොත් කොමිස් ගන්නවා. නැවත දැමුවාමත් වන්දි තුළින් කොමිස් ගන්නවා. අප තෝරාගත යුත්තේ කුමක්දැයි විදුලි ඉංජිනේරු මහතාගෙන් අප අසමු.
මේ වගේ වැලි පුරවා කොළඹ අවටින් එදිනෙදා එකතුවන කුණු දැමීමට සහ ඒවා දිනපතා වැලි මගින් වසා දැමීමට සනීපාරක්ෂක බිම් පිරවුමක් හදන්න බැරිද? පසු කාලෙකදී ගොඩකරන දුපත/ඉඩම වෙන දේකට ගන්න පුළුවන් වේවි... පුත්තලමට අරන් යන්න යන වියදම එක්ක බලපුවහම, කොළඹ අවටම මේ දේ කරන්න බැරිද?