
(සුනිමල් හේවගේ)
රුසියානු සංචාරක යුවළක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් පසු පස එලවා ඔවුන් ගමන් ගත් වාහනය අසල පැය කීපයක් රැකගෙන සිටිද්දී මින්නේරිය පොලිසියන් පැමිණ වල් අලියා එළවා දමා මෝටර් රථය බේරා දුන් පුවතක් මින්නේරිය පොලිසියෙන් වාර්තා වේ.
රුසියානු සංචාරක යුවළ සිය මාස 10ක් වයසැති බිළිඳා සහ අට හැවිරිදි දරුවාද සමග පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ගමන්කරන අතරවාරයේ හබරණ ඝන වනාන්තරය මධ්‍යයේ දී වල් අලියකු දැක ඡායාරූප ගැනීමට රථයෙන් බැස ඇත.
එසේ ඡායාරූප ගත කරද්දී වල් අලියා ඔවුන් දෙසට පැමිණ ඇති අතර ඔවුන් මහපාරේ මින්නේරිය දෙසට දිවගොස් දිවි බේරාගෙන ඇත. පසුව මෝටර් රථය අසලට පැමිණි වල් අලියා එය තල්ලු කර ඒ අසලම ගැවසෙමින් සිට ඇත.
සිද්ධිය පිළිබඳ මින්නේරිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මින්නේරිය පොලිසියේ නිලධාරීන් හා වනජීවී නිලධාරීන් පැමිණ අලියා එලවා මෝටර් රථය බේරා ගෙන ඇත. කාර් රථයේ පසුපස දොරේ වීදුරුව හා පැති කන්නාඩිය කැඩී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා නෝටි අලියෙක්...
අපේ සංචාරක ස්චෙත්‍රයෙන් සන්චාරකයින්ව ලංකාවෙ වන ජීවින් සම්බන්ධධව දැම්වත් කිරීම මදියි කියලයි මට හිතෙන්නෙ. ගුවන් තොටුපලේදි තමයි ඉස් ඉස්සෙල්ලම ඔවුන්ව දැනුවත් කරන්ට ඔනෙ. ඒක මහ ලොකු කාරියක් නෙමෙයි.
තනි අලියෙක් රටේ සමස්ත ජනතාවම IMF ඉදිරියේ අපායට තබයි.