(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලිස් වසම තුළ දී කළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගිය සැකකාර රැඳවියා වසර 10 කින් පසු අද (13) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු එම සොරකම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර ගතව සිට වීරවිල බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටියදී ඉන් පැන ගොස් තිබෙන බව පොලීසිය කියයි.සැකකරු අධිකරණය මගහැර සිටියදී අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී වීරවිල බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ.
සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළු හොරකම හොඳින් දන්නා එළු හොරුන් කරණා දෙයක් තමයි ගෝනියක් තේමා එයින් එළුවා ඔතන එක.. එසේ කළ විට එළුවා කෑගහන්නෙ නැහැ. එළුවා ව කිසිදු කරදරයක් නැතිව අවශ්‍ය තැනට ගෙන යන්නට පුළුවන්. කුකුල් හොරුන් සාම්බ්‍රානි දුම් කුකුල් කොටුව වටේට අල්ලනවා... එවිට, කුකුළන් ගොළුවෙනවා. මෙය දන්නා සමහර කුකුල් කොටු හිමියන් මේ දුම් වලට අධික බියක් දක්වනවා... හොරකමින් කප් ගහපු සමහර දෙනා පුදුම දේවල් තමයි සොයාගෙන තියෙන්නේ... ඒ කෙසේ වෙතත් හොරකමක් කළොත් කවදා හෝ හසුවෙනවා ....