
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරය (සහාධිපත්‍ය දේපළ කළමනාකරණය) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය නගරයේ ප්‍රධාන සැලැස්මට අනුව දළ බිම් ප්‍රමාණයෙන් 51%ක් නේවාසික පරිහරණය සඳහා වෙන් කර ඇති අතර එමඟින් සහාධිපත්‍ය දේපළ සංර්වධනය සඳහා මග සලසන බව රජය පවසයි.
ඒ අනුව සහාධිපත්‍ය කොටස් වල හිමිකරුවන්ට සහ කුලී නිවැසියන්ට බාධාවකින් තොරව ජීවත්වීමේ අවකාශ සලසා දෙමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පොදු පහසුකම් සහ අංගෝපාංග පවත්වා ගෙන යාමට නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සහ නියෝග පැනවීමට අවශ්‍ය වී ඇත.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි අංක 2394/68 හා 2024-07-26 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2024 අංක 03 දරන කොළඹ වරාය නගරය (සහාධිපත්‍ය දේපළ කළමනාකරණය) නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
එකී නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරාය නගර නියෝග පාර්ලිමේන්තුවට