
(රෝෂන් තුෂාර)
මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 මුදලක් පැමිණිලිකාර බැංකුවට ගෙවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන බිබිළ ප්‍රදේශයේ පුද්ගලයකුට මෙම නියෝගය නිකුත් කළාය.
කොළඹ පුරහල පිහිටි බැංකු ශාඛාවේ කළමනාකාරවරයා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒටීඑම් එකේ බොත්තම් ඔබල බිබිලේ දොඩම් තියනවද බලල, නැති හින්ද හොඳටම තරහ ගිහිල්ලා.
විනාශකාරී වැඩක්ද? ගිනි තැබීමක්ද? එහෙනම් මාලිමා වැසියෙක් වෙන්න ඕනෑ.