IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විරෝධතාවලට මුහුණ දෙන්න පොලිසිය බඩු එකතු කරයි

(ඉන්දිකා රාමනායක)

රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ගෑස් මුහුණු ආවරණල කැරලි පලිහල ආරක්ෂක හිස් වැසුම් ල රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි ද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (11)

විරෝධතාවලට මුහුණ දෙන්න පොලිසිය බඩු එකතු කරයි

Samitha Senaka Aluthgamage. Thursday, 16 March 2023 08:34 AM

පොලීසියේ මේ ක්‍රියාදාමය ප්‍රසිද්ධ කිරීම අසාධාරණ පාලනයට,බඩු මිල ඉහලයාම හා බදු බර වැඩිවීම ආදී දේට එරෙහිව නැඟී සිටිනා ජනතාවට ව්‍යංගයෙන් කර ඇති තර්ජනයක් බව පෙනේ.එසේම,ඒ සැලැස්ම කල්තියාම සියලු විස්තර සහිතව ප්‍රසිද්ධ කිරීම නිසා පොලීසියේ බුද්ධියේ ඇති හීනතාවක් ද ප්‍රදර්ශනය කෙරේ.ඒ මන්ද යත්,පුවතේ සඳහන් පොලිස් ස්ථානවල එම බඩු මුට්ටු නොමැති බව දැනගත් විට උද්ඝෝෂණ කරුවන් හට එම ස්ථානවල සිත්සේ තම කාරිය කරගැනීමට හැකිය.ඒ ගැන නොසිතා එය ප්‍රසිද්ධ කිරීම පොලිස් බුද්ධියේ අඩුපාඩුවක් බව නොකියා නොහැක්කේය.

:       5       12

නිහාල් Thursday, 16 March 2023 08:50 AM

ඉස්පිරිතාලෙ පණ අදින ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් හොයාගන්න තමයි බැරි.

:       5       11

Perera Thursday, 16 March 2023 09:13 AM

බඩු ටික කොලඹට එව්වට පස්සෙ .....විරෝතා ව්යාපරය ඔය පලාත්වල කරන්න පහසු වේ එ පලාත්වල බඩු නති නිසා!!!!

:       2       10

Bunny Preena Thursday, 16 March 2023 09:16 AM

හරියට ටෙම් & ජෙරී කාටූන් එක වගෙයි.

:       4       16

කිරිපුතා Thursday, 16 March 2023 09:45 AM

කාලකන්නි වැඩ වර්ජන රැල්ල අයෙ ආවා. මේවා බැරිම තැන තමයි 71 සහ 89 භීෂණය ඇති වුණේ

:       17       8

සත්‍ය ගවේෂී.Thursday, 16 March 2023 01:58 PM

මේ කිරිපුතා නමින් ලියන පොහොට්ටුවට බොහෝ කල් සිට රෙදි නැතිව කඩේ යන අඳ බාලයා මොන මඟුලකට මෙහි ලියනවාද දන්නේ නැහැ.වැඩ වර්ජන කරන්නේ අසාධාරණ ලෙස රට පාලනය කරන පොහොට්ටු දූෂිතයන් ගෙන් වෙන පීඩා ඉවසන්න බැරි නිසා බව තේරුම් ගන්න බූරුවෙකුට තරම් වත් මොළයක් නැතිද ?

:       0       8

Buddika Thursday, 16 March 2023 10:39 AM

ඊට කලින් මෙ රටෙ පාතාලය මත් වෙලදාම මර්ඩනය කරපල්ල. රටෙ නීතියක් නෑ. හැම නම පොලිසි. එත් අවනීතිය රජ වෙලා.

:       2       8

Sunil Thursday, 16 March 2023 10:54 AM

ප්‍රජතන්ත්‍රවාදයට නව අර්ත කථනයක් දෙන්න වගෙයි.

:       6       7

Rata Perata Thursday, 16 March 2023 12:55 PM

රනිල් වගේ පරාජිත මිනිහෙක් යටතේ මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

:       4       7

fairoos Thursday, 16 March 2023 01:13 PM

පොලීසිය සහ හමුදාව අනිත් පැත්තට හැ‌රෙන දවස වැඩි ඈතක් නෑ..

:       2       3

BamunuarachchiFriday, 17 March 2023 02:29 PM

අම්මට සිරි මු දන්න දේවල්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site