
(ඉන්දිකා රාමනායක)
මුතුර් ඉරුදියපුරම්. ප්‍රදේශයේ අලුතින් විවෘත කරන ලද රට බීම හලකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය පවසයි.
සැකකරුවන්ගේ ගල් මුල් ප්‍රහාරවලට ලක්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලබා මූතූර් රෝහලට ඇතුළත් කර සිටියි.
ඉරිදියපුරම් ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධානයෙන් ඊයේ (25) පසරුවේ මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර විරෝධතාවය අතරතුර ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග විරොධතාකරුවන් ගැටුමක් ඇති කරගෙන ඇත.
මෙහිදී විරෝධතා කරුවන් දමා ගොස් තිබූ ත්‍රී රෝද රථ තුනක්, යතුරුපැදී 10 ක්, පාපැදී 13 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධතාවකදී පොලීසිය සමඟ ගැටුණු 11ක් අත්අඩංගුවට