
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා පිළිගන්නා නමුත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා රජය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට සහ ඒවායේ මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනයක් කරන බව පැවසූ අගමැතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යෑම රජයේ එකම බලාපොරොත්තුව බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය ධූරයේ පාර්ලිමේන්තු මංගල කතාව පවත්වමිනි.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ කේන්ද්‍රස්ථානයයි. ව්‍යවස්ථාදායකය පමණක් නොව අපේ රටේ සංවර්ධනයේ ක්‍රියාදාමයන්ට උචිත වෙන මූල්‍ය පාලනය හා එදිනෙදා තීරණයන් ගැනීමේ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනියන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉටු කරලා තිබෙන කාර්යභාරය මේ අවස්ථාවේ යළිත් සිහිපත් කරනවා. පසුගිය සති කිහිපය ලංකා දේශපාලනයේ, ආර්ථිකයේ අන් කිසිදවසක නොවූ විරූ වෙනස්කම් රාශියකට පරිවර්තනයවීමට ගමන් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්වී ඒ ඇතිවුණු පුරප්පාඩුවට පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාව විධායක ජනාධිපති ධුරයේ ඉතිරි කාලයට පත් කළා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපි සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරැන්, පාර්ශවයන් එලෙස මේ අර්බුදය දිහා කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
අපි මුහුණදෙන අර්බුදය මහජනතාවගේ පැත්තෙන් බලනකොට අපි පාර්ලිමේන්තුවාදීන් හැටියට, මම විශේෂයෙන්ම පාර්ලිමේන්තතුවාදියෙක් ලෙස අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අවුරැදු 50ක් සම්පූර්ණ කරන තැනට පැමිණ තිබෙනවා. අපිට පාර්ලිමේන්තු ක්‍රමයේ විවිධ අවස්ථා හරහා ගමන් කරලා තිබෙනවා. යළිත් වතාවක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත්, ඒ වගේම අපේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට අවශ්‍ය සුවිශේෂී අවස්ථාවකට අපි පැමිණ තිබෙනවා. අපේ මූල්‍ය අර්බුදයත්, ආර්ථික අර්බුදයත් ඉතාම උත්සන්න තැනකට පරිවර්තනය වුණා. එයට මුහුණ දීම සඳහා වූ ක්‍රියාමාර්ගයේදී මහජනතාවගේ පැත්තෙනුත් දැවැන්ත උද්ඝෝෂණ, බලපෑමක් ඇතිවුණා.
පාර්ලිමේන්තුව තුළ විධායක කාරක සභා ක්‍රමය ඇති කරන්න අපි ප්‍රතිඥා දෙනවා. එය වහාම ඇති කිරීම සඳහා වූ අවශ්‍ය ස්ථාවර නියෝගයන්ගෙන් පියවර ගැනීමට ආණ්ඩුව කැපවී සිටින බව ජනාධිපතිතුමා විසින්ද ඒ සදහා අවශ්‍ය කෙටුම්පතක් ඉදිරිපත් කර සාකච්ඡා කරන මට්ටමට පැමිණ තිබෙනවා. සෑම මන්ත්‍රීවරයෙකුටම තමන් නියෝජනය කරන කාරක සභාවේ කටයුතු කරන්න පුලුවන්කම ඇතිවීමෙන් ජාතික වශයෙන් තිබෙන අභියෝග, සංවර්ධන කටයුතු කිරීමට එකඟතාවයකින් යුතුව කටයුතු කරන්න හැකියාව තිබෙනවා.
අද බොහොම සාධාරණත්වයෙන් හා සැබෑව පිළිගන්නා මහජන නියෝජිතයෙක් ලෙස කියන්න ඕනී ඇත්තන්ගේ හා නැත්තන්ගේ අතර තිබෙන පරතරය වැඩිවෙමින් පවතිනවා. මෙය බරපතල ප්‍රශ්නයක්. එයට අපි අවධානය යොමු කළ යුතුයි. ඒ නිසාම ඇතිවිය හැකි සමාජ උද්ඝෝෂණයන්, ඉල්ලීම් වැඩි වෙනවා. ඒ නිසාම ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලවල් ඇති කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් ලෙස මහජන විරෝධතාවයන්ට සවන් දෙන්න සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට සවන් දෙන්න සූදානම්. අවිහිංසාවාදී ජනතාවගේ හඬට රජයක් ලෙස අපි එක්ව කටයුතු කරනවා. නමුත් ත්‍රස්ථවාදීව කටයුතු කිරීම අපට පිළිගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ලොකුම තර්ජනය ත්‍රස්තවාදය බවට පරිවර්ථනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි සහය නොවනු ඇතැයි අපි විශ්වාස කරනවා. විවිධ දේශපාලන මත තිබෙන්න පුලුවන්. ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එසේ කටයුතු කරන්න පුලුවන්කම ඇතිවෙනවා.
අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ රාශියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ තීරණ රාශිය අතර ආණ්ඩු පෙරලි සිදු කරලා තිබෙනවා. ඒ වගේම මහජන ආණ්ඩු වලට බල කරලා විශාල පරිවර්ථනයන් ඇති කරලා තිබෙනවා. අපි ජීවත්වෙන කාල පරිච්ඡේදය අභියෝගයන්ගෙන් පිරැණු පරිච්ඡේදයක්. අපේ රටේ තරැණයන් අපිට අමතක කරන්න බැහැ. ඉදිරි වෙනස්කම් සඳහා කටයුතු කරන රජය සමග අත්වැල් බැඳගෙන පොදු එකඟතාවයන් ඇති කරැණු සාර්ථක කරන්න මේ අභියෝගයෙන් ජයගන්න අපි විරැද්ධ පක්ෂයේ සෑම පක්ෂයකටම හා මන්ත්‍රීවරැන්ට ආරාධනා කර සිටිනවා අත්වැල් බැඳගන්න කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදී සහ අන්තවාදී තර්ජන අළු යට සැගවුණු ගිනි පුපුරු මෙන් තවදුරටත් පවතින බව ෆීල්ඩ් මාර්‍ෂල් සරත් ෆොන්සේකා මහතා අවුරුද්දකට කලින්ම එනම් 2021 ජූනි මාසයේ කිව්වා නේද..? එය දැන් බොහෝ දුරට සනාථ බව පේනවා.
මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ... රටට කෙළෙව්වොත් කමක් නැහැ. ඔබතුමාගේ ඉලක්කය හරිනේ..
එතකොට කාලයක් තිස්සේ කරන් ආව සංවර්ධනයේ කඩතුරාවෙන් වහගෙන කාපු මංකොල්ලකෑම්... ඒවට ඉඩදෙනවා... එහෙමද?
හදිසි නීතිය සම්මත කරගෙන ගොයියන් ටික ලොකප් කරන්න 2025 වෙනතුරු කුඩුවේ තියන්න...
එතකොට නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් කරන ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරනවද?