
(සමන් පාලිත නානායක්කාර)
ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද 30 බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතාවක නිරත වී සිටිති.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමට පැමිණීමට නියමිතය සිටියද ජනතා විරෝධය මධ්‍යයේ ඇමතිවරයා ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට නොපැමිණියේය.
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ.
මාර්ගය අවහිර වන පරිදි වාහන නතර කර තැබීමට කටයුතු කළ විරෝධතා කරුවෝ ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කරති.
බණ්ඩාරවෙල පොලීසිය පිරිස විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...! ජනතා බලවේගයට ජයවේවා...!
කිසිම ලැජ්ජාවක් නැහැ. මෙච්චර මේ දෙයක් වෙලත්, ඇවිත් මොනවා විවෘත කරන්නද?
යුව රජුටත් මෙහෙම නම් අපට කියන්න තියෙන්නේ "කමින් කලර් නෝ ගුඩ්" කියලා තමයි.
ඉදිරියේදී හූ කියල අවසන් කරයිද? පාර්ලිමේන්තුව වටලයිද? ජනතාව කිපිලා ඉන්නේ.
බණ්ඩාරවෙල ජනතාවට අපගේ ප්‍රණාමය...!
රාජපක්ෂවරුන් ආණ්ඩු කළා ඇති. දැන් ගෙදර යන්න.
ඇයි දැන් නාමල් කියලා ලොකුද කව්රු ආවත් අදාල නෑ එන හැමෝටම මේක තමා වෙන්නේ