IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම්


(එම්.කේ.නන්දසේන)
 

ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල අධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කළ මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් ද නියම කළේය.

එසේම සිංහල, දෙමළ,සහ ඉංග්‍රීසි මාධ්‍යය තුනෙන් ජාතික පුවත්පත් තුනක මෙම වරද තවත් නොකරන බවට මහජනතාවගෙන් සමාව අයැද දැන්වීම පළකර අගෝස්තු 20 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම කෙරුණේ බිබිල කණුල්වෙල පදිංචි 69 හැවිරිදි පුද්ගලයකුටය. මෙම පුද්ගලයාට මෙවැනි චෝදනා රැසකට 2016 වසරේ ද සෞඛ්‍යය නිලධාරීන්  නඩු පවරා දඬුවම් ලබා සිටි අයෙකු බව ආහාර හා ඖෂධ පරීක්ෂක පුෂ්පකුමාර මහතා පැවසීය.

බඩේ කැක්කුමක් සහ රුධිර වහනයවීමක් සම්බන්ධයෙන් බිබිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගෙන් ලබා ගත් ප්‍රකාශ මත මොණරාගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඩී.ඒ.ඩී.පී. පුෂ්පකුමාර මහතා බිබිල අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම සැකකරුගේ නිවස ඉකුත් මස 24 දා පරීක්ෂාවට ලක්කර තිබිණ.

බලපත්‍රයක් නොමැතිව නිවස තුළ ගබඩාකරතිබූ බටහිර ඖෂධ වර්ග 19 ක් සහ තවත් උපකරණ කීපයක්ද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබිණි. මේ අනුව 2015 අංක  05 දරණ ඖෂධ නියාමන පනත යටතේ මෙම සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණ. අත්අඩංගුවට ගෙන තිබූ ඖෂධ වර්ග බැහැර කිරීම සඳහා ඖෂධ අධිකාරියට බාර දෙන ලෙසද නියෝග කෙරිණ.
       
මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.ඩී.කේ.අධිකාරි මහතාගේ උපදෙස් මත මෙම නඩුව පවරා තිබූ අතර බදුල්ල ආහාර හා ඖෂධ පරීක්ෂක ජේ.ඒ.සමරජීව මහතා මෙම නඩුව මෙහෙයවීය.



අදහස් (2)

වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම්

සඳුන් Friday, 17 July 2020 11:41 AM

වැරැද්ද බරපතලයි. දඬුවම සරළයි.. මුල් කළ වැරදිත් තියනවා. නැවත එක ගබ්සාවකින් දඩය ගොඩ. මේවාට දඬුවම් සංශෝධනයට කාලය පැමිණ ඇත...

:       0       3

විජිත් Friday, 17 July 2020 07:33 PM

මාර නඩු තින්දුවක්නේ. හොර දොස්තරයෙක්ට දඩයක් ගසා, " අත් හිටවූ සිර දඬුවමක් " නියම කරලා. වෛද්‍ය සභාවේ මහත්වරුනි ඔබලා මේ ගැන සිතන්නේ කුමක්ද...? "හොර ඩොකෙක් " කියන්නේ දඩයක් පමණක් නියම කරන්න සුදුසු වරදක්ද...? මොහු වැරදි කීයක් කරලද...? දොස්තරවරයෙක් ලෙසින් පෙනීසිටීම. නීති විරෝධී ගබ්සා කිරීම. මොහු නිසා නූපන් ජීවිත කීයක් රටට අහිමි වෙලාද..? හැබැයි.. නීතියක් නැති ගෝත්‍රික රටක මෙවැනි අශෝභන සිදුවීම් කොතෙකුත් සිදුවිය හැකියි. නමුත් ඇස්, කන්.. ඇති මිනිසුන් ලෙස වරද, වරද ලෙස පෙන්වාදීමට අපට ඇති අයිතිය කිසිලෙසකින්වත් පාවා නොදීමට අප පියවර ගතයුතුයි. එසේ නොකලොත් හෙට නැතිනම් අනිද්දා.. ඔබේ නගරයේත්.. ගමෙත් අධිකරණයේ අනුකම්පාව හිමිවූ "හොර දොස්තරලා" වැසි වසීවි.. මෙවැනි හොරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දුන්නත් මදි.. මේ නඩුකාරයාට කීයක් අල්ලස් වශයෙන් දුන්නාද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 348 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site