(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
රට පුරා සියලුම මංගල උත්සව අද සිට පරීක්ෂාවට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන බවට ඡායාරූපද සමග ලැබුණු තොරතුරු අනුව රටපුරා මංගල උත්සව රාශියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දිනවල පරික්ෂා කළ බවත් එම උත්සව නිසි සෞඛ්‍යය පිළිවෙත් අනුව පවත්වාගෙන ගොස් නොතිබූ බව ඒ පරීක්ෂාවන්හිදී පෙනී ගිය බවත් හෙතෙම සඳහන් කළේය .
මේ ආකාරයට මංගල උත්සව පැවැත්වුවහොත් ඒ උත්සව ආශ්‍රිතව කොවිඩ් පොකුරු ඇතිවිය හැකි බවත් ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ වැඩිපුරම සිටින්නේ පුරවැසි වගකීම කුමක්දවත් නොදත් මෝඩයින් වීම කණගාටුවකි. මෙවන් අවදානම් අවස්ථාවකදී වත් වගකීමෙන් හැසිරීමට නොදන්නවා යනු එවන් පුරවැසියන් පිළිබඳව ලංකා මාතාව තම හදවතින්ම කණගාටු වන අතර තම කුසේ උපන් දරුවන් පිළිබඳව ඇත්තේ කලකිරීමකි.