
(අංජුල මහික වීරරත්න)
වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය .
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙසේ උපයාගත් රුපියල් බිලියන 120 ක ලාභය මෙවර ගාස්තු සංශෝධනයේ දී ජූනි 31 වෙනිදාට පොළියත් සමග පාරිභෝගිකයා වෙත ආපසු ලබාදෙන ලෙස ද රණවක මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
මෙසේ අධික ගාස්තු සම්පාදනයකින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයාගත් ආදායම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවධානය යොමු විය යුතු බව රණවක මහතා කීය.
මහජන උපයෝගීතා කොමිසම විසින් යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් සංවිධානය කරන ලද අදහස් විමසීමේ වැඩසටහනකට අද (9) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්ත. උදාහරණයක් විදියට අපේ ගෙදර ගත්තොත් මනු කියවන්න එන්න ඕන 12උනොත් එන්නෙ 14 හෝ 15. එවිට දින 30කට එන ඒකක ගානට වඩා 20ක් විතර ගිහින්. ඇහුවම කියනව දවස් ගාන දැම්මම ඒක හරි කියල. නමුත් ඒ දවසටම බිල හැදුවොත් රුපියල් 1000ක් විතර අඩුයි. නමුත් මොවුන් මේක පිලිගන්නෙ නෑ. මේ සම්බන්ධයෙන් කවුරු හරි කතා කරපු එක හොදයි.
ඔන්න හෙලයාගේ උරුමය රැක දෙන්න අවස්තාවක් පාඨලී නඩු දාන්න