
(යොහාන් භාසුර)
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය.
රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ගුරුවරු පාසල්වලට වාර්තා නොකිරීමෙන් සමස්ත පාසල් පද්ධතියම අඩපණ වී තිබුණි.
පාසල්වලට දරුවන් නොපැමිණීමෙන් පාසල් පාළුවට ගොස් තිබූ ආකාරය දැකගත හැකිවිය. වෛද්‍යවරු, හෙද, පරිපූරක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වර්ජනයට සහභාගි වීම නිසා සමස්ත රෝහල් පද්ධතියේ ප්‍රතිකාර සේවා ඇතුළු සමස්ත කාර්ය අකර්මණ්‍ය විය.
කෙසේ වෙතත් ප්‍රතිකාර ගැනීමට රෝගීන් නොපැමිණීම හේතුවෙන් රෝහල් පාළුවට ගොස් තිබුණි.
දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවතිය ද මගීන්ගේ පහසුව සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. අද පස්වරුවේ ද දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් කීය.
වර්ජනය ක්‍රියාත්මක කරන වෘත්තිය සාමාජිකයන් පවසන්නේ අද මධ්‍යම රාත්‍රීයේ වර්ජනය අවසන් කර ආණ්ඩුවට දින 7 ක කාලයක් දෙන බවත් ඒ අනුව ලබන 21 වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(තිලකරත්න දිසානායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කිසිම රටට ආදරයකින් කරන වැඩක් නෙවෙයි. අපේ රටේ හැමදාම මේ කාලකන්නි වැඩ වර්ජන තිබුණා. දේශපාලකයිනුත් හොරකම් කරලා රජයේ සේවකයිනුත් එක එක පක්ෂ බදාගෙන මේ විදිහට හොරකම් කරනකොට රට ඉවරයි...
හිට්ලර් වගෙයි කියලා හිතාගෙන ඉන්න පිං ජනපතිට අද තේරෙන්න ඇති තමන්ගේ තරම....
එන්න අපි මාලිමාවට ඡන්දෙ දෙමු. එතකොට ඔය වර්ජන තර්ජන ඔක්කෝම ඉවරයි. රට සුඛිත, මුදිත කරයි. කාලකන්නි සුනකයින්. මේ 71ත් රට කෑවා 88/89 නැත්තටම නැතිකෙරුවා. එහෙම කරලා තමන්ගේම සහෝදරයින් පාවලා දීලා ගෝනි බිල්ලන් වෙලා පක්ෂයේ ඉහළම සාමාජිකයින් පෝරෙකේට යවලා පක්ෂ බලය අල්ලාගත්තා. මොවුන්ගේ ඉලක්කේ 23/24 ත් භීෂනේ පතුරුවන්න. ඔහොම යමන් ඔහොම යමන්...
ඇයි මේවා විකුණන්නේ නැත්තේ? මේ රාජ්‍ය සේවකයින්ගේ ගෑස් බල බල රටක් හදන්න බෑ. හොස්පිට්ල් විකුණලා සියළුම පුරවැසියන්ට ඉන්ෂුවරන්ස් එකක් දෙන්න. සෞඛ්‍යයට වෙන්කරන සල්ලි දාලා ලොකු පැකේජ් එකක් දෙන්න පුළුවන්. ලෝකයේ ගොඩක් රටවල් කරන්නේ ඒක. දුම්රිය විකුණන එක අමාරු දෙයක් නෙමෙයි. අනුර කුමාර ආවත් මෙහෙම තමයි. මේ රාජ්‍ය සේවා මාෆියාව දේශපාලකයින්ට වඩා දරුණු එකක්. රජයේ රෝහල් පාසල් නැතිවුණා කියලා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නෑ. ඕවා තිබුණා කියලා අපිට මොනවද ලැබිලා තියෙන්නේ. මුලින්ම මේ මිනිස්සුන්ගේ ඔළුවලට දාලා තියෙන හුඹස් බයවල් නැතිකරන්න ඕනෑ.
සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව් - වර්ජන හැතිකරේ පන්නවව්!.
රනිල් රාජපක්ෂලා තොලොංචි වෙලාම යන්න ඕනෑ.
රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොදී, පින් ජනපතියා දූෂිත පවුල් පාලනේ අයව ආරක්ෂා කරනවා...
කරුණාකර රට තව තවත් විපතට නොදා පොහොට්ටු ආණ්ඩුව පාලනයෙන් ඉවත් වෙන්න.බැසිල් මහින්ද ගෝඨා ඇතුළු අසාර්ථක කණ්ඩායම ඉතාමත් ආරක්ෂාකාරීව තිරය පිටුපස සිට වෙනත් අයෙකු ලවා තම ආරක්ෂාවද සලසා ගනිමින් තවමත් රාජ්‍ය පාලනයේ නිරතවී සිටියි.රට කෑ දූෂිතයන් පන්නා දැමීමට කාලය පැමිණ ඇති බැවින්,රටේ වෘත්තිකයන් හා අනෙකුත් අය තම විරෝධය පෑමට මෙසේ වැඩ වර්ජන කරනු පෙනේ.ඒත්,එයින් රටේ ජනතාවට තමයි වන්දි ගෙවන්නට සිදුවෙලා තියෙන්නේ.ඒ කෙසේ වෙතත්,රට බංකොලොත් කළ හොරුන් අල්ලා හෝරාගත් සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කරන ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එකක් බලයට ගෙන ඒමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතුය.මහජන මතය නැති කොටස් රටක් පාලනය කරනා විට රටේ ජනතාව කුපිත වී මෙවන් දේ සිදුවීම වැළකිය හැකි නොවේ.එසේ හෙයින්,පාලකයන් රසායනික අවි ප්‍රහාර හා සන්නද්ධ හමුදා බලය යොදාගෙන නොයෙකුත් ආකාරවලට රටේ ප්‍රජාන්ත්‍රවාදය විනාශ කිරීම වහා නතර කළ යුතුය.
බැංකු පොතේ තැන්පතුවට ලැබෙන සොච්චම් පොලියට පවා රඳවා ගැනීමේ බද්දක් අය කරන ආන්ඩුවකට වර්ජනය හැර පිලිතුර ? මෙය දරුවන්ගේ ඉතිරිම් වලටද ආදාලයි.
මේ සියලු ආයතන පෞද්ගලික අංශයට පවරලා ඒවයේ ලාභයෙන් බදු අය කිරීමයි සාර්ථකම ක්‍රමය. මේ අය ජනතාවගෙන්ම යැපිලා ජනතාවටම කොකා පෙන්වනවා. කාලකන්නි රටටම බරක්. ජනතාව මේ කාබාසිනියා ආයතන පවත්වාගෙන යන්නත් ඕනි තර්ජන ගර්ජනවලින් තැලෙන්නත් ඕනි. 83 ජූපි වර්ජකයන්ට කළ දේ කරන්න ඕනි කාලකන්නින්ගේ අතකොළු වෙනවට.
කිරිපුතාගේ කියන්න... වෙනස් කරන්න...