
(නිමල කොඩිතුවක්කු)
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිරවී ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7500 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම, තැපැල් සේවයට යටිතල පහසුකම් ලබාදිම, තැපැල් සේවකයන්ට හිමි ගෙවීම් නිසි පරිදි සිදුකිරීම ඇතුලු ඉල්ලීම් මුලුකරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් ඉකුත් දා(16) පස්වරු 4.00 සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.ෙවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුලු සියලුම සේවාවන් අද (18) දිනයේත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණ.
වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරිම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්‍යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුලුමනින්ම අණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලිපි මඟින් කරපු ගොඩක් දේවල් දැන් කරන්නෙ ඔන්ලයින් විදියට. බඩු බෙදා දීම් කුරියර් සේවා මඟින් ඉක්මණින් කරන අතර දැන් ගොඩක් ආයතන බිහිවී තිබෙන නිසා තරඟකාරීත්වය වැඩියි. ඒ නිසා දැන් කාලයට අනුව තැපෑලට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්න බෑ.
වර්ජනය කරන අයව අයින් කරලා අලුත් අයව බදවා ගන්න. සිංගප්පූරුවේ කරන්නේ ඔය දේ. අවුරුදු 2ගියේ. 1970-2025ට වර්ජන එකක්වත් නෑ.