
(මුදිතා දයානන්ද)
රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජන සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
වරාය සේවා කටයුතු සම්පූර්ණයෙන්ම වැඩ නවතා ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. වරාය අධිකාරියේ සභාපතිවරයා බලහත්කාරයෙන් සේවකයන් රාජකාරියේ යෙදවීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවද ඔහු කියයි.
පාසල් සියයට සීයක් වසා දමා ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවසීය
විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති තිරණය කළ පරිදි නඩත්තු අංශය හා බලාගාර පමණක් සේවයේ යෙදෙන බව ද සෙසු සියලු සේවා නතර කර වර්ජනයට එක්ව ඇති බවද සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සංගමයේ සාමාජිකයන් හැර සෙසු වෘත්තීය සමිති අද සේවයට වාර්තා කර ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අශෝක රංවල මහතා පැවසීය.
බලශක්ති ඇමතිවරයා ඊයේ දිනයේ සියලු වෘත්තීය සමිති නායකයන් කැඳවා සාකච්ඡාවක් සිදුකර තිබු බවද එහිදි තමන් ගත් තීන්දු කිසිවක් ආපස්සට හරවන්නේ නැතැයි ඇමතිවරයා පවසා තිබු බවද එම සාකච්ඡාවටද තම වෘත්තීය සමිතිය එකතු නොවු බවද රංවල මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩට නෑවිත් පඩිගන්න එක හපන්කමක් නෙවෙයි. ඉතින් ඒක කොහොමත් සාර්ථක කරගන්න පුළුවන්... අවුරුද්ද අවසානයේ ආයතනය ලාබ ලබන තත්වයට ගේන්න නම් හපන්කමක් ඕනෑ. ඒක තමයි ඔහෙලා ළඟ නැත්තේ...
අපේ මව්බිමට සාපයක් වුණා... මේ කාලකණ්ණි පාපතරයින්... ගාලු මුවදොර අල්ලා දැමිය යුතුයි. මොවුන්ගේ ළමයි සේරම ඉන්නේ පිටරටවල...
රටක් දියුණු කරන්න නෙවෙයි මොවුන්ට ඕනෑ. සාර්ථකව රට වට්ටන්න. ඒකනේ ඔය කියන්නේ... මේවා රටට විනයක්. කවදා කවුරු හෝ නිවැරැදි නායකයෙක් ඇවිත් මොවුන් දඬු කඳේ ගැසූ දාට රට ගොඩදාගන්න පුළුවන් වෙයි...
දැන් ඔබලාගේ මහා එවුන්ගේ බදු ඉවත් කළාද?
මේ කාලකණ්ණි එක්ක මොන රජයක් ආවත් වැඩක් නෑ...
වර්ජනය සාර්ථක නම් ඉල්ලපුවා ලැබෙන්න ඕනෑ. වෙලා තියෙන්නේ රට පස්සට ගිය එක විතරයි..
ස්ටාලින් වසන්ත වැද්දා වැනි තිරිසනුන් සමග මොන දියුණුුවක්ද. මුන්ගෙ ඔලුවට තඩි ගලක් බැදල මුහුදෙ දාන්න ඕනෑ
දූෂණයට එරෙහිව වහා ක්‍රියාමාර්ග අරඹන්න.. වැරදිකරුවන් යැයි ඔප්පු වන පුද්ගලයන්ට දඬුවම් දෙන්න. එතෙක් ජනතාව කිසිම රජයක් විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුවේ යහපත් ප්‍රතිපත්තිවලට ජනතාව හදවතින්ම සහයෝගය දෙන තුරු රට නිවැරදි සංවර්ධන මාවතකටවත් නොයනු ඇත. එපමණක් නොව විනිවිද පෙනෙන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දී එය ක්‍රියාත්මක කිරීම. සංවර්ධිත රටවල් මෙන් සමාගම් සහ තනි පුද්ගල ටා ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා සියලුම ලූප් සිදුරු වසා දමන්න.
100% ක් පාසල් වසා දමලා .හරි ජෝලින්නේ මේක කියන්නේ .ගෝල් ෆේස් එකට ගෙනල්ලා වෙඩි තියලා දාන්න ඕනේ
ඔවු ඔක්කොමලාම දිනුම්. සාමාන්‍ය දුප්පත් වැඩකරන ජනතාව හැමදාම පරාදයි.