IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වාරික නොගෙව්වොත් වාහන ගන්න හැටි පොලිස්පති කියයි

(රංජන් කස්තුරි)

කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී  වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ.

වාහන කොල්ලකෑම, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව  පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බව ද   එම චක්‍රලේඛයේ සඳහන් වේ.

කල් බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු ඉදිරිපත්  කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බව ද මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව ද අවශ්‍ය නීති ක්‍රියාමාර්ග  ගත යුතු බව ද  එහි සඳහන් වේ.



අදහස් (5)

වාරික නොගෙව්වොත් වාහන ගන්න හැටි පොලිස්පති කියයි

Sunil Monday, 26 December 2022 06:46 PM

ලීසිං නොගෙව්වා කියා වාහන බලහත්කාරයෙන් පැහැර ගැනීම දාමරික ක්‍රියාවක්.

:       0       7

sampath Monday, 26 December 2022 10:26 PM

ෆිනෑස් කොම්පැණි වලින් වැඩි මුදලක් ගෙවන්න තියෙනවානම් වාහන අරගෙන යන්නේ නෑ නමුත් ගෙවීම් අවසන් වෙලා වාරික කිහිපයක්නම් ඉතුරුවෙලා තියෙන්නේ වාහනේ උස්සන් යනවා මොකද වාසි නිසා.

:       1       13

pakeer Monday, 26 December 2022 10:35 PM

ඒක හොඳ දෙයක්, දැන්වත් ලිසිං කරන අය හොඳට හොයලා බලලා වාහන ණය දේවි කියලා හිතනවා,

:       1       11

සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:49 AM

වාහනේ අයිතිකාරය තමයි ගන්නෙ, පරම අයිතිය ලීසිං සමාගමට, පොලීසිය කියන අයිතිකාර ඒ වාහනය කුලියට ගනිපු පාර්ශවය, ලීසිං අණපනත් මෙහෙම වෙනස් කරන්න පුළුවන් නම් ආයතන පවතීවිද?

:       7       5

sampath Wednesday, 28 December 2022 10:32 PM

පරම අයිතිය තිබුනට සන්තකය තියෙන්නේ ගැනුම්කරු හෙවත් ලියාපදිංචි අයිතිකරු ළඟ .ඒ නිසා සන්තකයට එරෙහිව ලබාගන්නවානම් එය සොරකම් හෝ මංකොල්ල කෑමට වැටෙනවා .ඒ නිසා මේ නීතිය හරි නඩු කියලා සමාගමට ගන්න අවස්තාවක් තියනවා .අනෙක් හතු පිපෙන්න වගේ ලීසිං සමාගම් හදාගෙන ණය ගෙවීමේ හැකියාව නොසොයා වාහන දෙන්නේ මොකටද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site