
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වයස 60ට වැඩි ජනතාවට තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (17) ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය
දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගතවූ අයට එන්නත ලබාදීම ආරම්භ කරන බව පැවසූ මහාචාර්යවරයා එන්නත ලබාදීම දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවලත් අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද සිදුකෙරෙන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනිවර දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.
කොවිඩ් පැතිරීම අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ 132 වැනි ස්ථානයේ බවද ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින බවද ඔහු සඳහන් කළේය.
එන්නත්කරණය අංශයෙන්ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවල් අතර ශ්‍රී ලංකාවද සිටීම ගැන ආඩම්බර වන බව හෙතෙම කීවේය.
රජය කොවිඩ් තත්වය හොඳින් පාලනය කළ බව පැවසූ ජයසුමන මහතා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මෙහෙයවමින් මේ රටේ දේශපාලන නායකත්වය ගත් ක්‍රියාමාර්ග ඊට ප්‍රධාන හේතු සාධකයක්වූ බවත් පැවැසීය.
ශ්‍රී ලංකාව එන්නත්කරණය සියයට 62.5 ක මට්ටමට පැමිණ ඇතැයිද ඇමරිකාව සිටින්නේද ශ්‍රී ලංකාවට පහළින් බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ එක්කෝටි පනස් අට ලක්ෂයකට පළමුවෙනි මාත්‍රාවද එක් කෝටි තිස් හය ලක්ෂයකට දෙවැනි මාත්‍රාවද ලබාදී ඇති බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හපොයි...
එන්නත් මිලදී ගැනීම හා පිළිබද ගැටළු ඇතැයි චෝදනා තිබුනත් ප්‍රමාද වී හෝ ක්‍රමාණුකූලව මෙය ඉටුකරගැනීමට බුද්ධිය තිබූ ඉතා ස්වල්ප ඇමති පිරිසෙන් කෙනෙක් බව පසක් වූවා. කොවිඩ් සටනට මෙතුමාගේ දායකත්වය වටියි.