(සුජිත් හේවාජුලිගේ)
දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන වයස අවුරුදු 18 ට අඩු ළමයින් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බවටවූ නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
දණ්ඩ නීති සංග්‍රහයට මෙම නව සංශෝධනය එක් කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
යම් අපරාධයක් කරන අවස්ථාවේදී පුද්ගලයකුගේ වයස අවුරුදු 18 ට අඩු නම්
ඒ තැනත්තාට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බවටත් ඒ වෙනුවට වෙනත් සුදුසු දඬුවමක් ලබා දිය යුතු බවටත් මෙම නව සංශෝධනය මගින් නියම කෙරෙන්නේ යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ විශේෂ කමිටුවක් විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට 18 වැඩි අයට ඇති මරණ දඩුවම ක්‍රියාත්මක ද ?
ඒ වැඩේ කරන්න එපා. මිනී මැරුම් කරවන්නෝ 18 අඩු අය ලවා මිනී මරවයි.
දේසපාලුවන්ට නම් ඔය කිසිම නීතියක් අදාළ නැතුව ඇති .
18 ට වැඩි අය නිදොස්කොට නිදහස් (කඩේ ගියානම් පමණි)
18ට අඩු ගෑනුලමයි විවාහ වීම නැවැත්වීමටත් යමක් කල යුතුව ඇත.