(සුජිත් හේවාජුලිගේ )
වයස 12 ට වැඩි විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබන 21 වැනිදා අරඹන බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම දරුවන්ට ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය.
මේ අනුව විවිධ සංකූලතාවලින් සහ සංජානනීය ආබාධවලින් පෙළෙන දරුවන්ට මෙලෙස එන්නත ලබා දෙනු ඇත .
මේ අතර දරුවන්ට ලබාදීම සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන කමක් ලක්ෂ හතළිහක් ලබන ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයිද මහාචාර්ය ජයසුමන මහතා පැවසුවේය.
පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා නිර්දේශ අදාළ විශේෂඥ කමිටුව විසින් ලබන 17 වැනි දා ලබාදෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමෝ සංකූලතා තියෙන අයට පමණක් විද්දම ඇතිද. දැන් උසස් අධ්‍යාපනයේ යෙදෙන විශාල පිරිසකට එන්නත් නොදීම නිසා දැඩිසේ මානසිකට පීඩාවට පත්වෙලා ඉන්නවා. නුදුරේම ඔවුනුත් සංකූලතා ඇති අය බවට පත්වෙනවා නොඅනුමානයි. මේ ගැනත් හිතන්න
කොරෝනා ඉවර වෙනකම් කියලා හිතලා මිනිස්සු පරිස්සම් වෙන්නේ නැත්තම් එකෙන් ලොකු පාඩුවක් වෙන්නේ අධ්‍යාපනය ලබන දරුවන්ට. හැමදාම මෙහෙම දරුවන්ව ගෙවල් වලට තියලා තියන්න බැහැ. රජයට සහයෝගය දෙන්න ඕනේ මේ වෙලාවේ අපි ඔක්කොම . එතකොට තමයි කොරෝනා අපේ රටෙන් මර්ධනය කරන්න පුළුවන්