( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
එකම පුතුගේ උපදෙස් මත 71 හැවිරිදි වයෝවෘද්ධ මවකට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන හිටපු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළෙක් අද අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක් වූයේ අඟුරුවාතොට දෙහිගහලන්ද වේරවත්ත පදිංචිව සිටි ඊ. ඒ කරුණාවතී නැමැත්තියයි.
විවාහක පුතුගේ අනියම් සම්බන්ධතාවයට මව එරෙහි වීම හේතුවෙන් තමා යටතේ සිටින සෙබළකු ලවා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.
එම සැකකාර පුතුගේ පරස්පර ප්‍රකාශ හේතුවෙන් ඉකුත් මස 7 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ මිනීමැරුම් සිදුකළ අය වීරෝදාර රණවිරුවන් කියලා කියන්න පුළුවන්ද?
යුද හමුදාවේ විශේෂ කාර්ය බලකාය කියලා එකක් තියෙනවද?