(රන්ජන් කස්තුරි)
මෙරට ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන සමාගමක එජන්තවරයකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් රවටා රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දිවයිනේ ප්‍රකට පොත් සමාගම්වල මුද්‍රණය කරන පොත් සහ පාසල් උපකරණ බෙදාහරින බවටත් ඒවා අලෙවි කරන ව්‍යාපාරිකයන්ට දිරිදීමනා සහ විශාල කොමිස් මුදල් ලබාදෙන බවත් පවසා එම පුද්ගලයා ඉකුත් දිනවල බදුල්ල ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයන් කීපදෙනකුම රවටා ඇතැයි ද ඔවුන් බදුල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
පොත් අලෙවි කිරීම සඳහා ව්‍යාපාරික ස්ථානයේ දැන්වීම් පුවරුවක් සකස්කරදීමට රුපියල් 5000 ක්ද, ඡායාපිටපත් යන්ත්‍රයක් සහ රී-ලෝඩ් යන්ත්‍රයක් ලබාදීමට තවත් රුපියල් 5000 ක්ද ආදී වශයෙන් ඔහු එම ව්‍යාපාරිකයන්ගෙන් ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට ගොස් ජංගම දුරකතන අංක වෙනස් කරමින් විවිධ මට්ටමේ ව්‍යාපාරිකයන් රවටමින් ඔවුන්ගෙන් මුදල් වංචාකරමින් සිටි බවද පොලිසිය කියයි.
කොළඹ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගමක්ද එම පුද්ගලයාට එරෙහිව බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයන්ට පොත දමා ලක්ෂ ගණන් ගරලා