(එම්.සුසිල් ප්‍රියන්ත සහ ධර්මදාස සිරිවර්ධන)

අම්බලන්ගොඩ කෝටිපති වයාපාරිකයකුගේ නිවසට අද (26)අලුයම් කාලයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යමින් සිටි යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වතුගෙදර ආඳාදොළදී සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිස් යතුරු පැදි ඒකකය කියයි.  

සැකකාර යුද හමුදා සාමාජිකයින් දෙදෙනා යතුරු පැදියකින් යමින් සිටියදී පරීක්ෂා කිරීමට නතර කිරීමට දුන් අණනොතකා ධාවනය කිරීමෙන් ඇතිවූ සැකය මත ඔවුන් පසු පස ලුහුබැද අත් අඩංගුවට ගෙන පශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ කෝටිපති වයාපාරිකයකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට බවත් එම නිවසට බෝම්බ පහාරය එල්ල කොට යන බවත් අනාවරණයවූ බවද පොලීසිය කියයි

ඒ සමගම සැකකරුවන් පැවසූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ නිවස පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී සිය නිවසට බෝම්බ පහාරයක් එල්ලවී ඇති බව තමන් යන තෙක්ම ඔවුන් නොදත් බවද පොලීසිය කියයි. නිවසේ කිසිවකුටත් හානි සිදුව නැතැයි පොලීසිය කියයි.