
(ටී.කේ.ජී.කපිල)
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් ඩුබායි සහ ඉන්දියාව අතර ව්‍යපාරික කටයුතුවල නිරත වී සිටින්නන් බව රේගු නිලධාරීන් කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd