IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වේයන්ගොඩ පොලීසියේ ගින්නක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද( 31)  දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත් වී ඇති බව පොලීසිය කියයි.

එමෙන්ම රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය, පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද සුළු වශයෙන් අලාභ සිදුවී ඇති බව වේයන්ගොඩ පොලිසිය කියයි .

මෙම ගින්න හේතුවෙන් පොලිස් නිලධාරීන් හෝ වෙනත් කිසිවකුට කිසිදු හානියක් සිදු වී නැත .මෙම ගබඩා කාමරයේ කලක් තිස්සේ භාවිතයෙන්  ඉවත දමන ලද පොත් පත්, මෙට්ට, සහ අබලි ද්‍රව්‍ය ගොඩගසා  තිබී ඇත .

මෙම කාමරය පිහිටි ගොඩනැගිල්ලෙහි  හටගත් ගින්නෙන්  එම ගබඩාවේ දමා තිබූ සියලුම දේපළ පාහේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබිණි . මෙම ගින්න හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර ඒකකය සහ ළමා හා කාන්තා කාර්යාංශය පවත්වාගෙන ගිය කාමරවල ද  දොර ජනෙල්, පොත්පත්වල ටද සුළු වශයෙන්ව හානි සිදු වී තිබිණි වහලයේ සෙවිලි තහඩු  12 ක් ගිනි ගැනීමට ලක් වී ඇත .

 ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කැඳවා  වහාම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.



අදහස් (0)

වේයන්ගොඩ පොලීසියේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site