(අංජුල මහික වීරරත්න)
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිර වියදම් කළහොත් අදාල වියදම ගැන ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකිවයුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
"රාජ්‍ය වියදම් පාලනය කිරීම" යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022 -04-26 දිනැති ව යොමු කර ඇති අංක 3/2020 දරණ ජාතික අයවැය චක්‍රලේඛය විධිවිධාන අනුව සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා පවසයි.
මේ කරුණ සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට අද (15) ලිපියක් යොමු කර තිබෙි.
ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එයට පරිබාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා යැවූ ලිපියේ සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති උපදේශකයින් පත්කරාට පළමුව අතින් ගෙවියයුත්තේ ඔබතුමායි
හොඳ වැඩක් විදියට පෙනෙන්නෙ. එ උනත් ඔය කියන නිලදාරින්ට ඉහලින් ඉන්න උදවිය නුගත්නම් අද යවපු චක්‍රලෙකනේට මොකද වෙන්නෙ? උගත් දක්ශයින්ගෙ බුද්දි ගලනයක් නොවෙද? නාස් ලනුව දාන්න ඔනෙ තැනට නොදමා බඩට දැම්මොත් වෙනදේ තමා වෙන්නෙ. කප්පාදුව පටන්ගන්නකො දියවන්නාවෙන්ම.
අතින් විතරක් නෙවෙයි, තව හුඟක් විදිහට ගෙවන්න සිද්ද වෙයි. උදාහරණයකට කිව්වොත් රාජපක්ෂ සමය... මුළු පවුලම පාර්ලිමේන්තුවට වෙලා මඩිය තරකර ගත්තා... අන්තිමට ගුටිත් කාලාදාලා දිව්වා. මතකයිනේ?
අරයා එ කියන්නේ හිටපු එක්කෙනා පෝලිමේ ගැසට් ගැහුවා. මෙයා පෝලිමේ ලිපි, නිවේදන නිකුත් කරන්න පටන් අරගෙන. වෙන අමාරු රාජකාරි නැතුව ඇති නේද.
මේවා චක්‍රලේඛන විතරයි. රට මේතරම් අර්බුදයකට ගිහින් තියෙන වෙලාවෙත් මැති ඇමැතිවරු එකඑක දීමනා හදාගන්නවා. පසුගිය කාලෙම රටේ නායකයින් මහජන මුදල් කොල්ලකාලා රට අගාධයටම ඇදලා දැම්මා. පළමුවෙන් ඉහළින් ඉන්න අය ආදර්ශමත් වෙලා ඉන්න...
පලාත් සභා නැති කරන්න. නැත්නම් ඔයා අතින් ගෙවන්න.
රටින් පලාගිය නන්දසේනටත් තවම රජයෙන් තමයි වියදම් කරන්නේ කියලත් ආරංචී
විධායක ජනාධිපති ක්‍රමය නැතිකරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න. එතකොට ඒ සල්ලිත් ඉතුරුයි. නැතිනම් ඔය වියදම ගෙවාගෙන ඉන්න.
ඕව බොරු කථා. වැරදි කරන රජයේ ඉහල නිලධාරීන්ට දඩුවම් දීපු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ නැත.
මේවා හුදෙක් වචන නොවී... ක්‍රියාවේ යෙදෙන්න යැයි ප්‍රාර්ථනා කරමු...
අන්තිමට ඔය ඔක්කොම ගෙවන්න වෙන්නේ රටේ සමාන්‍ය ජනතාවට.
සංස්ථාවල මණ්ඩලවල අතිකාල බෝනස් වැටුප් ගෙව්වාම එම ආයතනවලට අදාළ වැඩ කොටස කරන මුදල් නැතිවේවි නේද?
මෙයාගෙ බොරු ටොක්ස් . දැන් මෙයා ඉන්න යහපාලන කාලෙ දේශ පාලන පලිගත්ත කියල , නඩු දාපු හොර නඩයක් , ගෝත ඇවිල්ල පට්ට හොරෙක් යටතේ කොමිසමක් දාල හොරු රැලට සුදු හුනු ගාල දැන් කෝටි ගානක් ගෙවන්න ,මෙයාගෙ කැබිනට් එකට ඉදිරිපත් කරල. මොනවද මේ අපරාද මිනිසුන්ට වේල කන්න සල්ලි නැ. පට්ට හොරුන්ට කෝටි ගනන් සල්ලි ගෙවනව. මෙයා ගැන බලා පොරොත්තු තියාගෙන ඉන්න මිනිසුන්ට දෙවි පිහිටයි.
අර අර්ජුන් මහේන්ද්‍රන් කියන කෙනාටත් ඔය නීතියද?
ඔවා දෙනු පරහට තමා සම්මතහෙි පිහිටා සිට.