(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.
වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද දැනුම් දී ඇත.
රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සහ රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.
රාජ්‍ය ආයතන වල ඉන්ධන,විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැනවීමට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන අතර සමාජයේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව උදෙසා සහනයක් සැලසීමට නම් හැකි තරම් කැපකිරීම් කර රාජ්‍ය අංශය ද ආදර්ශයක් ලබා දිය යුතු බව දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වලපල්ලෙට වැටුනට පස්සෙද ඉතිරිකිරීම් ගැන හිතන්න හිතුණේ. අවුරුදු ගාණක් මහින්දයි ඔබයි නේද රට මාරුවෙන් මාරුවට කෙරුවෙ. ඔබතුමා අගමැතිකම් දැරුවෙ නමුත් ලොකු නාස්තිකාර දේවල් සිදුවුණා. මහින්ද ජනාධිපතිකමයි මුදල් ඇමතිකමයි දෙකම අරගෙන. මුදල් අතින් කොයි තරම් මංල්ල කෑවද ? මුළු පවුලම. ඔබට පුළුවන්නෙ මොවුන් අත්අඩංගුවට අරන් ඔය සේරම වංචා කරපුවා අරගෙන ජනතවට සහනයක් දෙන්න. පුළුවන්කම තියෙද්දි වටෙන් යන්නෙ ඇයි? ගෝඨා රට වටේ යමින් සොරගත් මුදල් නිකරුණේ වෙන රටකට දෙමින් යනවා. ඔබතුමා ඇයි නිශ්ශබ්ද වෙලා ඉන්නෙ නීතිය ක්‍රියාත්මක කරන් නැතිව. ඔබට ජනතාව අකමැති ඒකයි. මහින්ද ආරක්ෂා කෙරුවා කියලා ඔබට පින් අයිති වෙන්නෙ නැහැ. දෙවි කෙනෙක් මෙ ලොකේ ඉන්නවා වෙන දේවල් බලාගෙන. බලය අතට අරන් සෙරම බලුවැඩ කරමින් අසරණ මිනිහා ඔළුව කැසුවත් හිරගෙදරට යවමින් වැජඹෙන කට්ටිය ඊළඟ ආත්මෙ බල්ලො වෙලා ඉපදෙන්නෙ. මිලියන ගණන් හොරාකපු උන් අත්අඩංගුවට ගන්නේ නැතිව. කොළ කෑලි පරිස්සමින් පාවිච්චි කරන එක සහනයක් නෙමේ. නීතිය පාවිච්චි කරන්න.
ඒ හින්දනේ දියවන්නාවෙ අයගේ මාසික දීමනා ලක්ෂ දෙක දක්වා වැඩි කළේ. අඩුවෙන් ගන්න ඉන්දන වෙළඳපොලේ තිබදේදි පරණ කොමිස් කාක්කන්ගෙන්ම ඉන්දන ලබා ගන්නේ. රට හූරා කන කට්ටියගේ ගෙවල්වලට වන්දි ලබා දෙන්න හදන්නේ. මේ ටික තව ලියන්න ගියොත් දවස් ගාණක් ලියන්න පුළුවන්.
තාමත් ලංකාවට අසාමාන්‍ය විදිහට බඩු ගෙන්නවනවා.
අරගල කරපු අයටත් විතරක් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව රට මේ තත්වයට වට්ටපු රාජපක්ෂවරුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්නම්...
මොන දේ වුණත් ජනාධිපතිතුමා කළ එක දේවල් යම් පමණකින් හෝ කරන්නට බලනවා
විදුලිය පිරිමහන්න කියලා රජයේ සේවිකාවන්ට සාරිය ඇඳන් එන්න කියනවා. මොන තරම් විදුලියක් නාස්ති වෙනවද අයන් කිරිල්ලට සාරි යාර 6ක්.
රටේ ආර්ථිකය වළපල්ලට ඇදලා දැම්මේ දූෂිත දේශපාලුවෝ. මේ දේවල් කරන්ඩ තිබුණේ මීට කලින්? එහෙම කළානම් අද මෙහෙම වෙයිද?
මොකද අපිට ඉතිරි කරන්න වියදම් කපා හරින්න කියන්නේ? මන්ත්‍රී උත්තමයන් අටේ ආර්ථිතය ගොඩගන්න වෙහෙසෛන නිසා දීමනාව වත් වැඩිපුර දෙන්න හිතුනද?
මං හිතන්නේ අරගලකරුවන් ජනාධිපති මන්දිරේ, අරලියගහ මන්දිරේ අල්ලාගෙන හිටපු දවස් ටිකේ රටට ලොකු මුදල් ඉතිර්යක් වුණා, මොකද එකේ හිටපු දෙන්නා රටේ සල්ලි නාස්තිකරන්න රුසියෝ, ඒ දෙන්න ඔය මන්දිරවල හිටපු දවස්වල ඒවායේ දවසේ නඩත්තු වියදමම කෝටි ගණනක් වෙනවා.
Can you ask all Ex-cabinet ministers to return their vehicles and other facilities provided by the Government. What about those unpaid electricity
මේවනවිට ලංකාවේ ජාතික සත්වයා වන දඬුලේනා වෙනුවට වෙනත් සත්වයෙකු තෝරාගැනීමකට යොමුව තිබේ. ඇමතිවරයා කියා සිටියේ දිවියාය. දිවියා වෙනුවට අලියා හෝ ඇතා ජාතික සත්වයා ලෙස නම් කිරීම සුදුසුවේ. අතීතයේ රජදවස සිට අලි ඇතුන් මහජනත්වගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහාත් පුරාණ රජදවස සිට වර්තමනය දක්වා දළදා පෙරහැරේ දළදා වහන්සේ කරඬුව වැඩමවීම සිට වෙනත් පුජනීය කටයුතු වෙනුවෙන් කරඬුව වැඩමවීම නිසාත් අලියා හෝ "ඇතා" ජාතික සත්වයා ලෙස නම් කිරීම සුදුසුවේ. මේ නිසා අලිවැට ඉක්මනින් ඉදිකිරිම සහ අලින්ට කරන හිරිහැර පවා නවතිනු ඇත,
රාජ්‍ය අංශයේ වාහන භාවිතාව මාසයකට නතර කරන්න පාරවල් හිස්ව තැබිය හැකි ය විදුලි වාහන වහාම ගෙන්වීමට පියවර ගන්න
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමති කෙනෙකුගේ මාසික වියදම අපි සොයා බලමුකෝ. අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය සහ පාර්ලිමේන්තුව නිසා තමයි ජනතාවට වැඩි හරියක්ම වියදම දරන්න සිදුවෙලා තියෙන්නෙ.
ජනාධිපතිතුමාගේ V12 වාහනේටයි 225 V8 වාහන වලටයි ප්‍රභූන්ගේ 6 වාහන වලට අසීමිත ලෙස ඉන්ධන ලබගත හැක.
මේ හොරු 134 දෙනාගේ නායකයා මිස රටේ මිනිසුන්ගේ ජනාධිපති නොවෙයි.
මෙයා බොරුවට කියවනවා.
පාර්ලිමේන්තු මැති/මන්ත්‍රී වරප්‍රසාද 50%ක් කපන්න, විශාල ඉතිරියක්.
රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට උපදෙස් දෙන්න කලින් රටේ ඉන්න ජනාධිපති ඇතුළු මැති ඇමතිවරු ආදර්ශමත් වෙලා ඉන්න. රටේ මුදල් ඇතුළු සියළු පොදු දේපල නැතිවෙන තැනට පත්කලේ ඔය අවවාද දෙන පාලකයෝමයි.
මැති ඇමැති මන්ත්‍රී සැමට දීමනා කපලා වියදම් සීමා කරන්න කියන්න.