IMG-LOGO

වියදම් අඩු කරන්න කෘෂි ලොක්කෝ මාරුකරයි

 

(අංජුල මහික වීරරත්න)

වියදම් කළමණාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව  දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරීන්  වෙනත් ආයතන සඳහා අනුයුක්ත කිරීමට නියමිත බව අමාත්‍යාංශය කියයි.

 මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ  සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක්, වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින බව අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (4)

වියදම් අඩු කරන්න කෘෂි ලොක්කෝ මාරුකරයි

sam Wednesday, 30 November 2022 12:22 PM

වැඩි කට්ටිය අඩු කරන එක හොඳයි... හැබැයි ඒ කට්ටිය ඇරලා ඔබේ පවුලේ අයගැන දැනගන්න එපා.

:       0       3

විහඟ Wednesday, 30 November 2022 01:14 PM

අපෝ ඒ අය යවන එකම හොඳයි.. රස්සාවට එන්නෙත් මිනිස්සුන්ගේ සල්ලිවලින්.. තමන්ගේ අතේ වියදමින් රස්සාවට වත් එන්න බෑ. අනිත් පොඩි නිලධාරින් තමන්ගේ අතින් දවසට 500/600 වියදම් කරන් රස්සාවට එන්නේ ගෙදර වැඩත් කරලා එහෙම එන මනුස්සයි ටිකක් පරක්කු වුණොත් ඒ මනුස්සයාව මරන් කන්න හදනවා.. මේ රටේ දේශපාලඥයින්ට වඩා ඔය ලොකු මාණ්ඩලික නිලධාරීන් රටට බරක්...!

:       0       2

Sunil Wednesday, 30 November 2022 01:36 PM

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් නෙවෙයි, මුළු රටේම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් අඩුම තරමින් 75%ගෙන්වත් රටට වැඩක් ඇත්තේ නැහැ...

:       0       2

ලුම්බිණි Wednesday, 30 November 2022 01:36 PM

අර යාලේ ගිහින් යකා නටපු කට්ටියට මොකද වුනේ? තාම පරීක්ෂණද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site