IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


වියත් මඟ ‘ෆේල්’ කථා කරලා වැඩක් නෑ

(යොහාන් භාසුර)

‘වියත් මඟ’ දේශපාලන වශයෙන් ‘ෆේල්’ නිසා ඒ පිළිබඳව කථා කිරීම නිෂ්ඵල බවත් රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට ඩිව් ගුණසේකර මහතා වැනි වියතකයකුගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුවේ, විපක්‍ෂයේ සහ පිටත සිටින වියතුන්ගෙන් යුත් කමිටුවක් පත්කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (02) පැවසීය.

වියත් මඟ ෆේල් නම්, වියත් මඟ, වියත් මඟ කිය කියා සිටීමෙන් ඵලක් නොවන බවත් රටේ සිටින ‘වියපත් වියතුන්’ගෙන් ප්‍රයෝජනය ගතයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙක් ලෙස ‘ෆේල්’ බව ද සඳහන් කළ ඩිලාන් පෙරේරා මහතා ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ‘වොයිස්කට්’ දීම අතහැර අමාත්‍යවරයාගේ වගකීම ඉටු කළ යුතු බව ද පැවසීය.

ජනතාව විදින දුක තමන් ද අත්විදින නිසා ඒ පිළිබඳව හොඳ අවබෝදයක් ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ‘වොයිස් එක කට් කර’ පක්‍ෂ සහ විපක්‍ෂ කෙදේම සිටින ප්‍රශ්නවලට විසඳුම් දියහැකි අය එකතුව රට මුහුණ දී සිටින අර්බුදය විසඳිය යුතු බව ද සඳහන් කළේය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එසේ පැවසීය. 



අදහස් (5)

වියත් මඟ ‘ෆේල්’ කථා කරලා වැඩක් නෑ

uk ran Wednesday, 02 March 2022 05:17 PM

දොස්තර පාදෙණිය දන්න දේ නොකර රට කෑවා... 70000 ක දීමනාවකුත් ගත්තා කියලා ආරංචියි.

:       5       54

Buddika Wednesday, 02 March 2022 05:22 PM

වියත් මග නෙවෙයි, හරක් මග... මේ කරලා තියෙන හරිය මදැයි. ඊගාව සැරේ මෙයත් ගෙදර ශුවර්...!!! 

:       4       57

Bamunuarachchi Wednesday, 02 March 2022 05:52 PM

විශ්ව විද්‍යාල උපාධිය තිබුණාට වැඩබැරි බව ඔප්පු වුණා. මින්මතු වියතුන් එකතු කරන්න හැදුවොත් කවුද එන්නේ? සමහරුන්ට උපාධිය තිබුණාට කොණ්ඩේ කපන, දරපලන වැඩේ තමයි හරියන්නේ... ඒ නිසයි හොන්ඩා සභාපති වරක් කිව්වේ මම ඩිප්ලෝමා සහතිකය.. සිනමා ටිකට් එකක් තරම්වත් ගණන් ගන්නේ නැහැ කියලා. සිනමා ටිකට් එක සහතික කරනවා.. නියමිත සිනමාව නරඹන්න පුළුවන් කියලා.. නමුත් ඩිප්ලෝමා සහතිකය සහතික කරන්නේ නැහැ. වැඩේ කරන්න පුළුවන් කියලා....!

:       8       18

fairoos Wednesday, 02 March 2022 06:46 PM

මෙයත් ආණ්ඩුව ඉඳගෙන අත උස්සපු කෙනෙක් තමයි... දැන් කියවනවා සර් ෆේල් කියලා. විපක්ෂය සර් ෆේල් කිව්වේ අවුරුද්දකට කළින්...

:       7       38

naleen Wednesday, 02 March 2022 08:27 PM

වියතුන්ගේ වරද නොව වියතුන්ගෙන් වැඩක් ගන්න නොදන්නා, මෝඩ දේශපාලකයින් නිසයි රටක් විනාශ වෙන්නේ.... සැමදා මේ රට පාලනය කලේ වියතුන් නොව මෝඩ හොර කණ්ඩායම් ය...

:       6       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 509 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site