(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල ප්‍රදේශයේ මත්පැන් හලකට රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී මත්පැන් බෝතලයක් ලබා ගැනීමත් තැත්කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
සැකකරු මාවැල්ල ප්‍රදේශයේ පදිංචි (36) හැවිරිදි පුද්ගලයකු බවත් ,2011 වසරේ ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින සිටියදී ස්ත්‍රි දුෂණයකට වැරදිකරුවී වැඩතහනමක් ලක් වු අයකු බවද පොලිසිය පවසයි.
මොහු ඊයේ (26) සවස් 7.00 ට පමණ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී රජයේ මත්පැන් ලබා ගැනීමට උත්සහ කිරීමේ දී මත්පැන්හලේ සේවකයන් ඔහු ලබාදුන් නොට්ටුව සම්බන්ධයෙන් සැකසිතී සැකකරු රඳවා තබාගෙන මාවනැල්ල පොලිසිය කැඳවා සැකකරු බාරදුන් බව පොලිසිය පවසයි.
පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තවත් රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ නෝට්ටුවක් සමග හිටපු කොස්තාපල් දැලේ
Kapila Monday, 27 March 2023 03:55 PM
රුපියල් 1,000 මොකද්ද? දුලන්ජලී රු. 5,000 හොර නෝට්ටු ලක්ෂ 15 ක් එක්ක අහුවෙලත් කිසිම රාජකාරියක් කලේ නෑ. නීතිය කාටත් එකයි.