
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එය ඉදිරි පැය 24 තුළ දී අඩි පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව දැනුම් දෙයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවලට ඇතැම් විට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැසිත් සමග තාවකාලික තද සුළං ද ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd