
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයකදී මාර්ගය හරස් කිරීමට එරෙහි නඩුවට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ විමල් වීරවංශ චෝදනා ලබා සිටී.
පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නඩුවක් විසඳන්න අවුරුදු 7ක් ගතවෙන්නේ කොහොමද? මෙවැනි නඩුවක් විසඳන්න යුරෝපයේ නම් මාස 07ක්වත් යන්නේ නැහැ.. ඔක්කෝටම කළින් රටේ විනිසුරුවරු ප්‍රමාණය වහාම වැඩිකළ යුතුයි. අධිකරණ පද්ධතිය නවීකරණය කිරීම සහ එහි පහසුකම් වැඩිදියුණු කරගන්න.... වැඩිපුර මුදල් ප්‍රතිපාදන යෙදවිය යුතුයි.
තවත් ඔලුව උදුම්මාගත්තු කෙනෙක්... රටේ නීතිය කියන එක තේරුම් කර දිය යුතු නිසා ඇප වලංගු කර අඩුම ගානේ සතියක්වත් ඇතුළට දාන්න ඕනේ...
අපේ කාලය කන්න ඵපා ...
හිරේ ඉන්න ඕනෙ අපරාධකාරයෙක් එළියේ ඉන්න එකයි වැඩේ...!
විපක්ෂය ඉන්නකොට තමයි මේ හැම නඩුවම එළියට එන්නේ... ඒකනේ මෙයාලා එහෙමෙහෙ පනින්නේ...
සමහර පුද්ගලයන් සමහර කාලසීමාවල් වලදී නීතියට උඩින්, සමහර කාලවලදී ඒ අය නීතියට යටින්, ඒ කාලෙදී වෙනඅය නීතියට උඩින්... හැබැයි ඔය කොයි කවුරුත් අවසානයේ නීතියට උඩින්... අපි හැමදාම නීතියට යටින්...
දුශිත දේසපාලුවන්ට මේ රටේ නීතිය අදාළ නැතුව ඇති . සිෂ්ට සම්පන්න රටවල නිතිය කාටත් පොදුයි .ලන්කාවේ එහෙම උනානම් පාර්ලිමේන්තුවේ ඉන්න හොර දූෂිතයෝ වැඩිහරියක් ඉන්ඩ ඕනේ හිරේ?
අපේ කාලය කන්න එපා...
බලෙන් හරි ඇතුළට ගියානම් ප්‍රසිද්ධියයි, අනුකම්පාවයි දෙකම ගන්න පුළුවන් අපේ විමලේ මලයාට...
ජීනීවා වල මානව හිමිකම් කොමිසම පටන් ගන්නකොට ශ්‍රී ලංකාවේ අධිකරණය ස්වාධීන වෙලා.. කාවද බන් මේ රවට්ටන්නෙ
මේ වගේ වැඩක් නැති ප්‍රවෘත්ති නිසා ඔයාලගෙ කාලේ නාස්ති කරන්න එපා. අපරාදේ..
රාජපක්ෂලා පස්සෙන් ඉඳන් මේකට සපෝර්ට් කරපු නිසා නේ මේ ආණ්ඩුව මෙතරම් කාලයක් දුර ගියේ .රටේ නීතිය සත පහකට ගණන් නොගන්න මේ හැත්තේ ඔක්කොම එක වැල්ලේ පොල් නේ
මේවා ඔක්කොම බොරු වැඩ.
පව් අප්පා රන්ජා නිකන් අපරාදේ හිරේ හිටියා