
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 30 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) දින නියම කළේය.
වීරවංශ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව නඩු විභාගය කල්තැබීය.
2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇති අතර දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි විභාගයත් කල් තබමින් නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙනිය මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදිකාවලට නැගලා ගිරිය යටින් බෙරිහන් දෙනකොට මෙයාට හෙනවත් නැහැ, උසාවියට එන්න කිව්වම හැමදාම ලෙඩ වෙලා.
ඇප කැන්සල් කරලා බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර අරන් සුව වුනහම අධිකරණයට ඉදිරපත් කරන්න කියල නියෝග කලා නම් අමාරුව ඉක්මනට සුව වේවි
අලියෙක් ඉන්න නිසා නඩුව අවුලක් වෙන එකක් නෑ
දැන් ඉතින් විමල් කොහොමහරි අවුරුදු 5ක් වැඩිමහල් බිරිඳගේ වයස අවුරුදු 10ක් අඩු කරලා පාස්පොට්, හැදුනුම්පත් එහෙම ලස්සනට හදලා නඩුවත් දින්නා නේද? මේ නඩු මොනාද? ඉතිං