IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විමල්ගේ නඩුවකට දින දෙයි

(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු  එම පක්ෂයේ  සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය  සැප්තැම්බර්  මස 30 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ  මහතා අද (15) දින නියම කළේය.

වීරවංශ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව නඩු විභාගය කල්තැබීය.

2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

මංමාවත් පනත යටතේ හා පොලිස්  ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇති අතර දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි විභාගයත්  කල් තබමින් නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත  පනාමල්දෙනිය මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිටියේය.



අදහස් (4)

විමල්ගේ නඩුවකට දින දෙයි

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 01:20 PM

වේදිකාවලට නැගලා ගිරිය යටින් බෙරිහන් දෙනකොට මෙයාට හෙනවත් නැහැ, උසාවියට එන්න කිව්වම හැමදාම ලෙඩ වෙලා.

:       4       21

DE SILVA Monday, 15 July 2024 02:40 PM

ඇප කැන්සල් කරලා බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර අරන් සුව වුනහම අධිකරණයට ඉදිරපත් කරන්න කියල නියෝග කලා නම් අමාරුව ඉක්මනට සුව වේවි

:       3       9

Shashika51 Monday, 15 July 2024 06:31 PM

අලියෙක් ඉන්න නිසා නඩුව අවුලක් වෙන එකක් නෑ

:       0       0

Ruwan De Silva Monday, 15 July 2024 06:49 PM

දැන් ඉතින් විමල් කොහොමහරි අවුරුදු 5ක් වැඩිමහල් බිරිඳගේ වයස අවුරුදු 10ක් අඩු කරලා පාස්පොට්, හැදුනුම්පත් එහෙම ලස්සනට හදලා නඩුවත් දින්නා නේද? මේ නඩු මොනාද? ඉතිං

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site