(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු විමර්ශන සලේගෙන් උඩට ගියාම මහ මොළකරු හමු වන බව  අධිකරණ  හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කට්ටිය දැන් රත් වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට විශේෂ ගමන් තහනමක් ගැනීමෙන් පසුව බවද නානායක්කාර මහතා කීය.

"සලේ මීට පෙර දින අනූවක් ඇතුලේ හිටියා. කවුරුවත් කෙඳිරි ගෑවේ නෑ.හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන් ඔන්න කට්ටිය රත් වෙන්න ගත්තා.මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරයකට නොවේ.කෑ ගහලා මේ විමර්ශනය සලේගේ ගාවින් නවත්ත ගත්තොත් හොඳයි කියලා ඔවුන් හිතනවා.ඊට උඩට ගියොත් අන්න මහ මොලකරු ඉන්නවා. මම හිතන්නේ එහෙමයි යනුවෙන් ද  අමාත්‍යවරයා කීය.