
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අලුත් විදුලිය ජනන සැලසුමට විපක්ෂය ඇතුළු සියලු දෙනා සහය දුනහොත් ලබන ජූලි මාසයේදී විදුලිය ගාස්තු අඩු කිරිමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලිය මිල සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයට ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
විපක්ෂ නායකවරයා වැරදි ප්‍රශ්නයක් මතු කළේ. මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ දැඩි විරෝධය මත ආණ්ඩුව තීරණයක් ගත්තා කිව්වා. බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් තමයි අනුමැතිය ලැබුණේ. එක සාමාජිකයකුගේ විරෝධය මුළු කොමිසමේම විරෝධය ලෙස හුවා දැක්වීම වැරදියි. කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකු ඉන්නවා.
එක පුද්ගලයකු මහජන උපයෝගීතා කොමිෂන් සභාව නොවෙයි. ගාස්තු වැඩි කළේ විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගන්න නෙවෙයි. ජනන සැලැස්ම නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීමටයි. මණ්ඩලයේ දූෂණ වංචා අවම කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ඒවට විරුද්ධව සමහරු වැඩ කරනවා. සමහර වෘත්තිය සමිති පාලනාධිකාරිය ආණ්ඩුව බිත්තියට හේත්තු කරල වැඩ කරනවා. අපි අද අඛණ්ඩව විදුලිය සපයනවා. විදුලිය කප්පාදුව නැවැත්තුවා. අපේ ජනන සැලසුම වෙනස් වෙන්න ඕන. මේ ගාස්තු අය කිරීම නිසා අඛණ්ඩව විදුලිය දෙන්න පුළුවන් වුණා.මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී දෙසැම්බර් වෙද්දී විදුලිය බිල අඩු කරන්න පුළුවන් වේවි. ජුලි මාසයේදී අඩු කරන්න පුළුවන් නම් කරනවා. විදුලිබලමන්ඩලය ප්‍රති ව්‍යුහය කරන සැලසුම මාසයක් ඇතුලත ඉදිරිපත් කරනවා. ඒ සැලසුමට ඔබතුමාලගේ සහාය දෙන්න.එවිට විදුලි බිල ජුලි මාසය වන විට අඩු කරන්න පුළුවන් වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය නෙවෙයිනේ හොරකම් කරන්නේ ඔයාලානේ .ඔයාලාගේ හොරකම ,කොමිස් ගැහිල්ල ,දේශපාලන හෙන්චයියන්ගෙන් මණ්ඩලේ පුරවන එක නවත්වන්න .ඒ ඇරුනකොට විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් තියනවද ?
දෙගොල්ලොම එකතුවෙලා හොරාකන්නද පරයෝ
විදුලි බිල මණ්ඩලයේ වැඩිකරගත් 60% වැටුප් ප්‍රමාණය කපාහැරීම සහ මේ තාක් ගෙවනලද ප්‍රමාණය අය කර ගැනීමයි කල යුත්තේ .එවිට විදුලි බිල යතා තත්වයට ඉබේම පත්වෙයි .අනිත් එක ඔය හැම එකාම ගහන මාටියා ගැහිල්ල නවත්වන්නත් ඕන
ඔබට වැඩි කරන්න විපක්ෂයේ සහයෝගය ඕනා නැතිනම් අඩු කරන්න විතරක් මොකටද විපක්ෂයේ සහය
අනේ මේ කාලකණ්ණි ආණ්ඩුවට වැඩකරන්න බැරිනම් යන්නයි තියෙන්නේ... තවත් නිකන් කයිවාරු කියවන්නේ නැතිව...
විපක්ෂයේ දෙයක් නෙවෙයි... දැන් ඩොලර් එක අඩුවෙලා තිබෙන නිසා මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා ජනතාව සඳහා දෙන්න... රටේ ඉන්ධන, භාණ්ඩ සහ සේවාවල මිල අඩු වෙන්නේ නැතිනම් ඩොලර් එක අඩුවුණා කියලා අපට ඵලක් තියෙනවද?