
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අයවැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තිබියදී යැයි කිසිවකුත් අමතක නොකළ යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.
කොවිඩ් මර්දනයේ සහ එන්නත්කරණයේ සාර්ථකම රටවල් අතර ශ්‍රී ලංකාවට මුල්තැන ගැනීමට හැකිවීම ආඩම්බරයක් බව පැවසූ ඇමැතිවරයා ධනවත් ව්‍යාපාරිකයන්ගේ බදු අය කිරීම අනුමත නොකරන්නේ දැයි විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පර්පචුවල් එකේ මුදල් සම්භාරය රාජසන්තක කරා. ඒ වගේ පැන්ඩෝරා වල සඳහන් නිරූපමා නෝනාගේ මුදලුත් රාජසන්තක නොකරන්නේ ඇයි .. ? ඒවාත් රාජසන්තක කරන්නකෝ..
අර්බුද අස්සේ සතොසට කරපු හදිය? මේ දෙශපාලනය කරන පල් හොරු, රජයේ සේවයේ ඉන්න කප්පම් කාරයින් සහ ඇඟ හොරු ටික ඉන්න කල් මේ රට කොට උඩ. පක්ෂ විපක්ෂ ඔක්කොම...
රාජපක්ෂවරුන් මංකොල්ලකාපු ඉඩනුත් රාජසන්තක කරන්නකෝ... එතකොට සීනි සල්ලි, සුනාමි සල්ලි...?
‘‘රටේ අර්බුද තුනක්...‘‘ ඒ අර්බුද 03ත් මැව්වේ නුඹලාම තමයි...
අර්බුද එක - ගැසට් ගැහීම, දෙවන අර්බුදය - ගැසට් අකුලා ගැනීම, තුන්වන අර්බුදය - ගැසට් ගහපු සෑම භාණ්ඩයකම මිල අහස උසට නැගීම... ඕවා නේද මූලික අර්බුද?
දෙදහස් පන්සීයයකින් හතර දෙනෙකුට මාසයක් කන්නේ කොහොමද කියපු අර්බුදයත් අපට තිබුණා..
අනේද කියන්නේ...? මොළ හතේ ඇමතියා බොහොම අමාරුවෙන් කළේ... බලාගෙන තටම තටම අයවැය ගෙනාපු හැටි ලෝකෙම දැක්කා...
ඔබ තරම් පම්පෝරි ගහපු වෙන කෙනෙක් ගැන නම් අපිට මතකයක් නැහැ. රු.2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන්ය, සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩුමිල අඩුකරන්ඩ බැරිය කිව්වෙ කවුද දන්නෙ නැහැ.
අපගේ මව්බිම බේරගන්න බැරි වන්නේ ජගත් සහ සමිත ගේ ප්‍රතිචාර වලට එකඟ නොවන ඇත්ත තේරුම් ගත නොහැකි කඩේ යන අය නිසයි. දුකයි මාතෘ භුම්ය ගැන.
එච්චර අර්බුද තියනවනං කොහොමද ඉන්දියාවේ 600 විකුණන එක 1200ක් දීල ලංකාවට ගේන්නේ. තව සුදු ලූනු එහෙම ව්‍යාපාරිකයන්ට විකුණලා ආයෙත් වැඩි මිලට සතොසට ගන්නේ. එතකොට 10ක, 20ක විතර ගාඩ් එකක් එක්ක වාහන ගෙනියන්නේ. අපේ බදු සල්ලි වලින් සැප ගන්ඩ හොදයි, අපිට දෙන්න තමා බැරි.
ඔබතුමා විපක්ෂයේ හිටියදි පම්පෝරි පමණක් නොවෙයි, කටින් රටම කැලඹුවා. 1919, ටැබ් ලබාදීම වැනි හොඳ දේවලට පවා වැරදි අර්ථකතන සපයා ජනතාව නොමග යැව්වා...
විපක්ෂයක් ගැන හිතන්න එපා රටට හොඳක් වෙනවා නම්... මොකද ජෙප්පන් විරුද්ධද මන්ත්‍රී විශ්‍රාම කාලය අවුරුදු 10ක් වුණාට? නැතිනම් බෝතලේ රුපියල් 350 කින් වැඩි වුණාට?