
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ඔබලා වැඩිහිටියන් වූ පසු විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැසිරෙන්න එපා යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු සභාව නරඹන්නට පැමිණ ගැලරියේ රැඳී සිටි සිසු සිසුවියන් අමතමින් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
"මා පළමුවෙන්ම ගැලරියේ ඉන්න ළමයින්ගෙන් සමාව ඉල්ලිය යුතුයි. පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ මෙහෙම නෙමෙයි. ඔබලා වැඩිහිටියන් වූ පසු මේ විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැදෙන්න එපා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැසිරීම විතරක් නෙමෙයි, හැදියාවෙනුත් එහෙම වෙන්න එපා. කම්භ හොරු, තක්කඩි, කප්පං කාරයෝ, බහු භාර්යයා අපතයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ රැලක්, මේ පුංචි රට පාලනය කලේ. උන් වගේ කවමදාකවත් හැදෙන්න එපා.
රියල් අන්කල් සෙයින් heeeeee
ඒ වගේම රටට දැයට ආදරය නැති කොටි සමග නිදිවදින පුරවැසියෙක් වෙන්නත් එපා කියලා රට බාරගන්න ඉන්න දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා
අහ්.මේ හිරිමල් යොවුන් වියේ ඉන්න ආන්ඩු පක්ෂයේ මෙයා වගේ හැසිරෙන්න හොදේ.පක්ෂ ද විපක්ෂ ද නෑ ඔය කොයි අයියත් කට අරින කම් කපුරු හාමිලා තමා.
ඔව් එහෙම වෙන්න එපා. ආණ්ඩු පක්ෂයේ අංකල්ලා වගේ ඉස්කෝලේ නොගිහින් හොර ආචාර්ය උපාධි ගන්න පුරුදු වෙන්න.
පරම පිවිතුරු අංකල් කෙනෙක් තමයි එහෙම කියන්නේ. රහසින්වත් පව් නොකරන, රහස් චන්දය පමණක් තියෙන අංකල්ලා.
ගෝනි බඩාගේ හොර ආචාර්ය පට්ටමට නැති වුණු හැටිත් ළමයින්ට කියලා දුන්නා නම් තමයි හොඳ. හිටපු ජනාධිපති නීති පීඨයට ඇතුල්වෙනකොට මේ මිනිහා ඉපදිලාත් නැතිව ඇති. නමුත් මේක රටේ හිටපු ජනාධිපතිට හිඟන්නා කියලයි පාර්ලිමේන්තුවේදී කතාකලේ. විනයක් නැති එහෙව් එකෙක් අනුන්ට අවවාද දෙන්න. එනකොට අපිට පස්සෙන් හිනා යනවා.
නිකං කනට ගැහුව්වා වගේ ඇති විපක්ෂයට. ලංකාවේ කුණුහරුප අහන්න පුළුවන් සජීවීව පාර්ලිමේන්තුවේ.
විපක්ෂයේ සීයලාට ඊට එහා අතහැරීම ගැන කිසිම දැනුමක් නැහැ, කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්නයි බලන්නේ
ඒ අපේ රටේ දේශපාලනය.
කිරිඇල්ලේ කියාගත් 1970 සිට අවුරුදු 54 පාර්ලිමේන්තුවේ හිටපු සුද්දා හදපු දුම්රිය මාර්ගය තමන්ගෙ ආසනය දක්වාවත් රැකගැනීමට නොහැකිවූ මන්ත්‍රී කවුද කියලා සොයාබලා ඔහු වගේ නොවෙන්නත් ඉගෙන ගන්න...
හහ් හා හා... මරු බඩු තමයි. මේ දැන් උපදෙස් දෙන අය. කාලෙකට කලින් ඔය පක්ෂයේ අයම පාර්ලිමේන්තුවට බෝම්බත් ගැහුවා..
හොර මගඩි සහ පගා දීලා පළාත් පාලන වල බලය ඇල්ලූ, ගෙවල් සහ රටම ගිනිතියපු, පාරවල් ගානේ මිනිස්සු මරපු සෙට් එකක් ඉන්නේ, ඒවාගේ නම් කවදාවත් හැදෙන්න එපා.