(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායකතුමාගේ වීදුරු ගේ විනාශවීමට ගලක් ළඟදීම ගසන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
පක්ෂය ලබාදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කළේ තමා බව පැවසූ ගමගේ මහත්මිය කෙළෙහි ගුණයක් නැති එතුමා අද වීදුරු ගෙයක සිට හතර වටේට ගල් ගසමින් සිටින බවද කීවාය.
"මම ඔය වීදුරු ගේ විනාශ වෙන්න ගහන්න ඕන එක ගලයි" යැයිද ඇය ප්‍රකාශ කළාය.
ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායකයාගේ වීදුරු ගෙට ගලක් ගැසීම නොහොත් කන්ට දීපු අත සපා කෑම. දේශපාලකයින්ගෙ මජරකම....
මෙයා තවම පාර්ලිමේන්තුවේ ඉන්නවාද? තවම පිටුවහල් කරේ නැද්ද?
මෙයා ලාංකිකයෙක් නොවේ. ඔහුට පාර්ලිමේන්තුවේ මහජනතාව නියෝජනය කිරීමට සුදුසුකමක් නැත. එයාව පාර්ලිමේන්තුවෙන් පිටුවහල් කිරීමට තරම් හැකියාවක් ඇතුලේ ඉන්න දෙසිය විසිපහටම නැත. ඒ නිසා සම්පූර්ණ පාර්ලිමේන්තුව පිටුවහල් කිරීමට මජනතාවගේ පරම අයිතිය ලබා දෙනකන් අපි අරගලය හරහා සටන් කරමු...
මෙයා ඡන්දයකින් ආපු කෙනෙක්ද? මෙයත් පින් මන්ත්‍රිනියක්... ජනතා ඡන්දෙකින් නම් කවදාවත් මේ වගේ විකාර පාර්ලිමේන්තු එවන්නේ නෑ...
ඔහේගේ කාටහරි වීදුරු ජනෙල් අලුත් වැඩියා කරන්නේ කඩයක් තියෙනවද?
පාර්ලිමේන්තු ඉතිහාසෙම හිටපු අප්‍රියජනකම කෙනෙක්... බෝක්කු කටවල්නේ තියෙන්නේ...!
මෙයාටත් ගලක් ගහයි කවුරු හරි ළඟදීම....
ලංකාවේ උගත්, බුද්ධිමත් ජනතාවගේ බහුතර තේරීම මෙවැනි උගත්, බුද්ධිමත් අය තමයි.
ඩයනා මෙසේ කියයි...
පාර්ලිමේන්තුවේ අතීතයේ හිටියේ උගත් බුද්ධිමත් මහත්ම මහත්මීන් ... අද මෙවැනි චරිත නිසා එහි උත්තරීතර භාවය විනාශ වෙලා...
ගහන්න ගහන්න එතකොට එතුමාට 2024 දී රන් වියනක් සහිත දියමන්ති ගෙයක් හදාදීමට රටේ ජනතාව සැදී පැහැදී ඉන්නවා කියලත් මතක් කරන්න කැමතියි
ඩයනා නෝනා උඩ පනින විදියට ළඟදීම පස්ස බිම ඇනගන්න වෙයි වගේ...!
ඉස්සරවෙලා ලියකියවිලි ඉදිරිපත් කරලා ගල් බැරිනම් පොල් ගහගන්න...
සංචාරක අමත්යන්සයේ වැය ශීර්ශේ කියවනකොට මෙයා විපක්ෂ නායකගේ වීදුරු ගෙවල් වලට ගල් ගහන්න ප්ලැන් කරනව. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ... එංගලන්තේ නෙමෙයි අඟහරු ලෝකේ පදිංචි වෙලා හිටියත් ගතිය ශ්‍රී ලංකිකයි...
එක එකාට ගල් ගසා ගත්තට කමක් නෑ, මහජන මුදල් කාබාසිනියා නොකර. තොපි යැපෙන්නෙ මහජන මුදලින් වරප්‍රසාද ලබාගෙන.
ගල්ගහ ගහගත්තට කමක් නෑ. මහජන මුදල් නාස්ති නොකර.
වෙනත් රටක විදේශ පුරවැසිභාවය ලබා ගන්නා ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු වහාම ශ්‍රී ලංකා පුරවැසිභාවය නතර කරයි. පසුව ඔහු/ඇය වෙනත් රටක පුරවැසිභාවය අත්හැරියහොත් ඔහුට/ඇයට සංචාරක වීසා බලපත්‍රයක් සමඟ නැවත ලංකාවට පැමිණිය හැකිය. විනීත ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහුට/ඇයට පසුව පදිංචි බලපත්‍රයක් ලබා දිය හැකි අතර පසුව මාස 6ක් ඇතුළත ඔහුට/ඇයට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත හැක. ඩයනාගේ සිද්ධිය මෙය විය හැකිය. මරික්කාර්, මුජිබර් කරුණු නොදැන බුරනවා. ඒ නිසා මම හිතන්නේ ඩයනා ආරක්ෂිතයි.
ලාංකිකයෙක් පිටරටක පුරවැසිභාවය ගත් විගසම ඔහුගේ ලාංකික පුරවැසිභාවය අවලංගු වෙනවා. යම් හෙයකින් ඔහු පිටරට පුරවැසිභාවය අත්හැරිියොත් ඔහුට සංචාරක විසා එකකින් මෙහි පැමිණ ඔහු මෙරට උපන් නිසා රෙසිඩන්ස් පෙර්මිට් එකක් ලැබ පසුව මාස 6-12 අතර ලාංකික පුරවැසිභාවය ලබා ගත හැක. මේ දේ නම් වෙලා තියෙන්නෙ ඩයනා ගොඩ. නොදන්නා ලිං ගෙම්බො නිකම් බුරනවා.
රෙදි ඇඳගෙනද ඉන්නේ?