
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා අස්කර ගත්තේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට පෙර අතුරු කාරණයක් මතු කරමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පරීක්ෂණ ගැන රජය ගන්නා පියවර කුමක්දැයි විමසීමක් කළේය.
ඒ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායක අමතමින් යමක් කී අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා 'ඔබතුමා මැද්දට පනින්නේ නැතුව ඉන්නැයි" කීය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා නැඟී සිට එම ප්‍රකාශය නුසුදුසු බවත් ඉල්ලා අස්කර ගත යුතු බවත් දැඩිව ප්‍රකාශ කළේය.
අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා තමාට මහන්තත්ත කමක් නැති බවත් නුසුදුසු වචනයක් ප්‍රකාශ වී නම් එය ඉල්ලා අස්කර ගන්නා බවත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විපක්ෂ නායකයෙක් පහුගිය අවුරුදු 76ටම ඉඳලා නෑ. ජනතාවගේ හාල්, පොල්, බදු ගැන මීක් නෑ. ආණ්ඩුව මෙහෙයවන බලවේගම තමා මෙයාව නටවන්නේ. කටට ඩොලර් ටිකක් ඔබලා නිශ්ශබ්ද කරලා වගේ.
ඔයාට ඔන විදියට එතුමාව නටවන්න බැහැ හාල් පොල් බදු ගැන ඡන්දෙ දීපු ජනතාව උද්ඝෝෂණ කළ යුතුයි එතුමා මොකටද ඉක්මන් වෙන්නේ...
වැරදීම මනුෂ්‍ය ගතියකි. සමාවදීම දේව ගතියකි කියලා නොදන්නා අයට ඔහොම දේවල් හිමාලෙට වඩා උසයි.