(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ(03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පෙරේදා (02) එම තරුණයා උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත.
එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර ඇත.
එදින දහවලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ පෙලපාලි නවත්වන්න හොඳම ක්‍රමය...
එහෙනම් ඉතින් ලංකාව ස්වයංපෝෂිත රටක් කියන්න බැරිද? ඉක්මනින් රටපුරා බෙදාහරින්න..
අපිට අඩුවකට තිබුණෙ එච්චරයි. දැන් අඩුම ගානේ කවුරු හරි කියනවද මේකෙන් ආරක්ෂා වෙන විදිය.
අපේ පැත්තේ ටවුමට කිට්ටු කරලත් හරියට වඳුරෝ ඉන්නවා. බැරි වෙලාවත් උන්ට මේක බෝ උනොත් මොන වින්නැහියක් වෙයිද මන්දා.