(සුජිත් හේවාජුලිගේ)

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී  අද (11)   පැවැසීය

අමාත්‍යවරයා මේ බව  පැවැසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  27(2) යටතේ නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

විනිසුරුවරුන්ට අමතරව වෙනත් වෘත්තිකයින්ද විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ඉල්ලුම් කර ඇති බව  අමාත්‍යවරයා පැවසුවේය

රජයක් ලෙස එම ඉල්ලීම් කෙරෙහි සාධනීයව සලකා බලන බවත්  ඇතැම් ඉල්ලීම් සාධාරණ වූවද ඇතැම් එ්වා දේශපාලනික බවත්  අමාත්‍යවරයා  කීය.

කෙසේවෙතත් මේ කරණු සම්බන්ධයෙන් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව  අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.