(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

විනිසුරුවරුන්ගේ පුරප්පාඩු අනිවාර්යෙන්ම පුරවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා ළඟ නැත්තේ එම පුරප්පාඩු පුරවන කාලය සහ ක්‍රමවේදය පමණක් බවද ඔහු සඳහන් කළේය.

අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් නොකරන බවද අමාත්‍යවරයා කීය.

නානායක්කාර මහතා මෙසේද පැවසීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාමය දීර්ඝ කිරීමට මෙන්ම එපා කියලා යෝජනා එනවා. ඒ සියලු දේ සැලකිල්ලට ගන්නවා. අධිකරණ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි අනෙක් ක්ෂේත්‍ර වලත් විශ්‍රාම වයස ගැන ගැටලුවක් තියෙනවා.