
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව විභාගයෙන් ඉවත් වන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් දෙපලක් අද (27) දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරුවන් වන මංජුල තිලකරත්න හා සුජීව නිස්සංක යන මහත්වරු මෙසේ නඩු විභාගවලින් ඉවත්විය.
මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් නඩු විභාගයෙන් ඉවත්වීමේ තීන්දුව ගත් බව සඳහන් කළේය.
නඩුව විභාග කර සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට හැකි බවට තමන් විශ්වාස කළත් ,මෙම පළ කිරීම් වලින් පසුව සමාජයේ යම් මතයක් උද්ගතව ඇති බැවින් මෙම තීරණය ගත් බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියේය.
ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.
පසුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන මැයි මස 21 දින කැඳවීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට දින නියම කළේය.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විනිසුරු දෙපොළක් ක්‍රිෂ් නඩුවෙන් ඉවත් වෙති
කපුරු හාමි Thursday, 27 March 2025 02:30 PM
දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු උන්?
Siri Thursday, 27 March 2025 03:00 PM
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු කතාව වගේ නෙවේ නේද ?
Kazi Shajahan Thursday, 27 March 2025 04:33 PM
කුම්බලා මාලු කෑවා නම්, විඳපල්ලා බළලෝ... එච්චරයි කියන්න තියෙන්නේ...!
රනේ Thursday, 27 March 2025 04:53 PM
කෘතිම බුද්ධිය යොදවන්න වෙයිද?
සත්‍යපාල Thursday, 27 March 2025 06:54 PM
උඩම ඉන්නේ නීතිපති. එයා අයින් නොවී ඉන්නේම රාජපක්ෂලාගේ නඩු ටික ගොඩක් දාලාම යන්න.
Pankumburage Friday, 28 March 2025 09:43 AM
නඩුකාරයා බලන්නෙ නීති පොතද, මුහුණු පොතද? අනේ මෙහෙම ලංකාවක්. රටට දෙවියන්ගේ පිහිටයි.